
( තිළිණි ද සිල්වා)
ඇමෙරිකාවේ වෙරළාරක්ෂක ඇකඩමියෙන් සමුද්‍රීය වාස්තුවිද්‍යා සහ සමුද්‍රීය ඉංජිනේරු ගෞරව උපාධියක් ලබා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ උප ලුතිනන්වරයෙකු (පළමු පන්තියේ ) වන විශ්ව ෆොන්සේකා මහතා සමත්ව ඇතැයි ඇමෙරිකාවේ වොෂිනටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
මෙහි වැදගත් සිදුවීම වූයේ ඔහුට හිමි උපාධිය සහතිකය ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් මහතා අතින් ඉකුත් 19 වන දින ලබා ගැනීමට හැකිවීම බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
2015 වසරේ ජූනි 03 වැනිදා ශ්‍රී ලංකා නාවික හමුදවට එක්වූ උප ලුතිනන් විශ්ව ෆොන්සේකා මහතා මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ ආදි සිසුවෙකි.
ඇමෙරිකාවේ කනෙක්ටිකට් හි නිව් ලන්ඩන් හි එක්සත් ජනපද වෙරළාරක්ෂක ඇකඩමියේ උපාධි ප්‍රධානෝත්සවය ඉකුත් 19 වැනිදා ඇමෙරිකා ජනාපධිපතිගේ ප්‍රදානත්වයෙන් පැවත්වූ අතර එහි ප්‍රධාන දේශනයද ඇමරිකා ජනාධිපතිවරයා විසින් පවත්වනු ලැබීය.
මෙම උත්සවය සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක හා තානාපති කාර්යාලය නියෝජනය කළේ වොෂිංටන් ඩී.සී. තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක එයාර් කොමදෝරු සම්පත් වික්‍රමරත්න විසිනි.
ඡායාරූප කැප්ෂන් - ශ්‍රී ලංකා නාවික හමුදාවේ උප ලුතිනන් විශ්ව ෆොන්සේකා මහතා තමා හිමි ඇමෙරිකාවේ වෙරළාරක්ෂක ඇකඩමියේ සමුද්‍රීය වාස්තුවිද්‍යා සහ සමුද්‍රීය ඉංජිනේරු ගෞරව උපාධිය සහතිකය ඇමෙරිකා ජනාදිපති ජෝ බයිඩන් මහතා අතින් ලබා ගත් අයුරු ඡායාරූපයේ දැක්වේ. වොෂිංටන්හි . ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක එයාර් කොමදෝරු සම්පත් වික්‍රමරත්න මහතාද මෙහි වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උදාර ශ්‍රී ලාංකික දක්ෂයාට අපගේ උපහාරය... !!! ඒත් ඉතින්, මෙවන් දක්ෂයන් මේ රටට ඇවිත් සේවය කරන්නට හා උපදෙස් ගන්නට වෙන්නේ, වැඩ කරන්නට වෙන්නේ, නිසි සුදුසුකම් නොලත් හා අධ්‍යාපන සුදුසුකම් නොමැති ඇමතියන් හා දේශපාලන බලය සහිත ඉහළ නිලධාරීන් කියනා විදිහට නේද ? ඒවන් විටෙක මෙවන් උගතුන්ගෙන් හා දක්ෂයන්ගේ දැනීමෙන් ඇති ඵලය කිම ? එම වටිනා සේවය රටට කෙසේ ලැබ දෙන්නේද ? යල් පැනගිය පාලන ක්‍රම හා වන්දිභට්ටකම් ක්‍රම ඉවත දමා රටට උචිත නිසි ක්‍රමවේද සකස්කළ යුතුය. එසේ නොකළහොත්, රට තවතවත් පිරිහීමට පත්වෙනු ඇත. මේ අදහස් පිළිගැනීම හෝ ඉවත දැමීම ජනතාවට බාරය. අපගේ යුතුකම අපි ඉටුකොට ඇත්තෙමු. තීරණය ඔබ අතේය.
සුබ පැතුම්!
පුතේ නුබද අපගේ උණුසුම් සුබ පැතුම්...!!!
මුඩ් නම් හරි නෑ.... නිදහසේ සැටිපිකට් එක ගන්න දීලා නෑ වගෙ.
ඔබට සුභ පැතුම්. ඒත් ඇමරිකාවෙන් සම්මාන ගන්නෙ බලාගෙන. ඔබ දේශද්‍රෝහියෙකු වීමට ඉඩ ඇත. මන්ද ශ්‍රී ලංකාවට අනුව ඇමරිකාව යනු නූගත් ම්ලේච්ඡ දුෂ්ඨ තුච්ඡ මිනිසුන් වසන රටක් වන බැවිනි. ඇමරිකාවෙ නම ඇහෙනකොට ඇඟේ පලු දාන මිනිස්සු ලංකාවෙ ඉන්නව.
සුබ පැතුම්!
ලංකාවටනම් එන්න එපා ඔහෙම ඉන්න සහෝදරයා.
අපේ රටේත් නායකයෙක්ගේ පුතෙක් ඉන්නවා. එයාට තියෙන දස්සකම් මොනවා ද කියලා රටම දන්නවා .
සුබපැතුම්
ගොඩක් හොඳයි...