
(ඩයනා උදයංගනී)
ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ‘යාස්’ චණ්ඩ සුළි කුණාටුව මේ වන විට ඉන්දියාවේ උතුරු ඔඩිස්සා වෙරළ තීරයෙන් එරටට ඇතුළු වී ඇත.
මේ හේතුවෙන් එම සුළි කුණාටුවේ බලපෑම ක්‍රමයෙන් මෙරටින් ඉවත්ව යනු ඇතැයි ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ කාලගුණ විද්‍යාඥ ශානිකා දිසානායක මහත්මිය පැවසුවාය.
එසේ වුවත් දැනට බලපා ඇති නිරිත දිග මෝසම් තත්වය හේතුවෙන් ඉදිරි දිනවලදීත් දිවයිනේ නිරිත දිග කොටසෙහි වැසි සහ සුළං සහිත කාලගුණ තත්වයක් අපේක්‍ෂා කරන බව ඇය සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd