
(නිමන්ති රනසිංහ)
මුල්ලේරියාව රෝහල් භූමියේ ඉදි කෙරුණු ඇඳන් 352 යුත් කොරෝනා රෝගීන් සඳහා ඉදිකළ වාට්ටු දෙකක් වෙසක් පොහෝ දින අද දින (26) මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් විවෘත කර එම රෝහල වෙත භාරදෙනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රදීප් උදුගොඩ ජයන්ත කර ගොඩ කරගොඩ සහ මධුර විතාන යන මන්ත්‍රීවරුන් ද කොලොන්නාව ආසනයේ කැඳවුම්කරු අජිත් සුබසිංහ මහතා ද සහභාගි විය.
මීට සමගාමීව මුල්ලේරියාව මූලික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතාට වෛද්‍ය උපකරණ තොගයක්ද පරිත්‍යාග කෙරුණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කොවිඩ් අස්සේ උත්සවයක් කරන්නේ නැතිව වැඩක් කරන්නම බැනේ
මුන් නම් මනුස්සයෝ වෙන්න බැ. ටෙන්ට් ගහලා ඇදන් ටිකක් දාලා. ඒක විවෘර්ත කරන්නත් පොර කනවා... ජාත්‍යන්තරය දැක්කොත් අපි ගැන මොනවා හිතයිද?
මේ නිකමුන්ගෙ හැටි දන්න නිසා විශේෂඥ වෛද්‍යවරුන් කවුරුවත් නෑ. මහජනතාවගේ පඩි මුදල් කොරෝනාව්මුට්වා වෙලා ගසා කාලා, මහජනතාවගේ බදු මුදලින් හදන තාවකාලික ගොඩනැගිලි විවෘත කරන්න මේ මිනිස්සුන්ට ලැජ්ජාව ක් නම් ඇත්තෙ ම නෑ.