(යොහාන් භාසුර)
කොළඹ වරාය ආසන්නයේ ගිනිගනිමින් තිබෙන එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවිය හැකි පරිසර හානිය පාලනය කළ හැකි ආකාරය පිළිබඳව ඉන්දීය විශේෂ ගුවන්යානයක් පැය දෙකක නීක්‍ෂණයක් අද (26) පස්වරුවේ කළේ යැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා අද (26) පස්වරුවේ පැවසීය.
ගිනි නිවීමේ සහ තෙල් කාන්දුවෙන් සිදුවන හානි අවම කිරීම ස`ඳහා විශේෂ උපකරණවලින් සමන්විත මෙම ගුවන්යානය අද පස්වරු 1.10 සිට 3.15 දක්වා නිරීක්‍ෂණය කර නැවත ඉන්දියාව බලා පියාසර කළ බවත් එම යානය ඉන්දියාවේ සිට ක්‍රියාත්මක කරන අති නවීණ ගුවන්යානයක් බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
නෞකාවෙන් විශාල ප්‍රමාණයෙන් තෙල් කාන්දුවක් ඇති වුවහොත් එම ගුවන්යානය ක්‍රියාත්මක වන බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව කොරයි, බලං ඉන්න, දවස් හයක් අතඇරල දාපු එක අද මරණ පරීක්ෂණයට ඇවිත්. මේක චීනත් එක්ක තමයි විසඳගන්න වෙන්නෙ.