මුදල් - නිවාස අමාත්‍යාංශ අගමැති මහින්ද යටතට නව රජයේ අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී මුදල් අමාත්‍යධූරය සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යධූරය අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට යෝජනා වී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. 09 August 2020
ලෙබනනයට ආධාර සොයන්න ජාත්‍යන්තර සමුළුවක් බේරූට් වරායේ සිදු වූ දැවැන්ත පිපිරීමෙන් දරුණු අර්බුදයකට මුහුණ පා සිටින ලෙබනනයට ආධාර සෙවීම සඳහා ජාත්‍යන්තර සමුළුවක් අද (9) විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වේ. 09 August 2020
ලංකාවට එන්න ගුවන් යානයක් එවන්න‘යි ඉල්ලති සයිප්‍රසයේ සිට මෙරටට ඒමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකිකයෝ ඒ සඳහා තමන්ට ගුවන් යානයක් එවන්නය‘යි ශ්‍රී ලංකාවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. 09 August 2020
අලුත උපන් බිළිඳා එළවළු කොටුවට විසි කරලා කොස්ලන්ද පූනාගල වත්තේ දී අලුත උපන් බිළිඳකු එළවළු කොටුවකට විසි කළ බව කියන මවක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. 09 August 2020
කැබ්රියක් අරලගංවිලදී සිසුහු 11 ක් යටකරගෙන යයි අරලගංවිල බෝගස්වැව ප්‍රදේශයේදී උපකාරක පන්තියකට සහභාගී වී ආපසු නිවෙස් බලා යමින් සිටි සිසුන් 11 දෙනෙකු බීමත් රියදුරෙකු විසින් අපරික්ෂාකාරී ලෙස අධික වේගයෙන් පදවාගෙන ගිය කැබ් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක් සිසුවෙක් මරණයට පත්වී තවත් සිසුන් 10 දෙනෙක් තුවාල ලබා ඇතැයි අරලගංවිල පොලිසිය කියයි. 09 August 2020
බීරූට් පිපිරීමෙන් ලංකිකයන් 15 කට තුවාල ලෙබනනයේ බීරූට් අගනුවර සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව මේ වන විට 15 දක්වා ඉහළ ගොස් ඇති අතර ඔවුන් සියලු දෙනාම එහි සේවයේ කළ කාන්තාවන් යැයි ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියයි. 09 August 2020
අතුල සේනානායක මහතා අභාවප්‍රාප්ත වෙයි කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ සැමියා වන අතුල සේනානායක මහතා අද ( 9) කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබේ. 09 August 2020
ටී.එන්.ඒ ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුන තවරාසා කලෙයරසන්ට දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා තවරාසා කලෙයරසන් මහතා නම් කිරීමට තීරණය කර තිබේ. 09 August 2020
‘‘සාමකාමී ලෙස විරෝධතා කිරීමට ඇති අයිතියට සහයෝගය දෙනවා‘‘ සාමකාමී ලෙස විරෝධතාවල නිරත වීමට ලෙබනන ජනතාවට ඇති අයිතියට සහයෝගය දෙන බවත් ප්‍රචණ්ඩත්වයෙන් වැළැකී සිටින්නැයි සියලු පාර්ශ්ව වලින් ඉල්ලා සිටින බවත් බේරූට් අගනුවර ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේය. 09 August 2020
විදෙස් රටවල සිටි 446 ක් ලංකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල් වල රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 446 දෙනෙකු අද (09) සවස කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. 09 August 2020
අගමැති අනිද්දා වැඩ බාරගනී අගමැති මහින්ද රාජපක්ෂ මහතා අනිද්දා (11) උදේ 10.30 ට අගමැති කාර්යාලයේ දී සිය ධූරයේ වැඩ බාර ගැනීමට නියමිතය. 09 August 2020
රනිල් ජාතික ලැයිස්තුවෙන් එන්න බෑ කියයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයට හිමිව තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කර තිබේ. 09 August 2020
අගමැති ගංගාරාමය වැද ආශිර්වාද ලබා ගනී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස කැළණිය රජමහා විහාරස්ථානයේ දී දිවුරුම් දීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා අද (09) කොළඹ ගංගාරාමය විහාරස්ථානය වැදපුදා ගනිමින් ආශීර්වාද ලබා ගත්තේය. 09 August 2020
අලුත් ආණ්ඩුව සමඟ සමීපව කටයුතු කරන්න කැමති බව ඇමෙරිකාව කියයි නව ආණ්ඩුව සමඟ සමීපව කටයුතු කිරීමට සූදානම් බව මෙරට ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. 09 August 2020
ප්‍රශස්තම මැතිවරණය මෙයයි’ මහ මැතිවරණයේ පශ්චාත් මැතිවරණ සමය 1977 න් පසු පැවැති මහ මැතිවරණය සමග සංසන්දනය කිරීමේ දී ප්‍රශස්තම මැතිවරණය යැයි මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය පවසයි. 09 August 2020
නව කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම බදාදා නව රජයේ කැබිනට් මණ්ඩලය ලබන බදාදා (12 වැනිදා) මහනුවර මඟුල් මඩුවේදී දිවුරුම් දෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි. 09 August 2020
ලෙබනන තොරතුරු අමාත්‍යවරිය ඉල්ලා අස්වෙයි ලෙබනනයේ තොරතුරු කටයුතු පිළිබඳ අමාත්‍ය මනාල් අබ්දෙල් සමාද් අද (9) එම ධුරයෙන් ඉල්ලා අස් වූවාය. 09 August 2020
සුවය ලැබූවෝ තිදෙනෙක් ගෙදර යති කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් තිදෙනෙකු පුර්ණ සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශයේ නවතම වාර්තා වලින් දැක්වේ. ඒ අනුව අද (09) දිනය වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 251 ක් දක්වා පහළ බැස තිබේ. 09 August 2020
පාර්ලිමේන්තුවට තේරීපත් අපේක්ෂක ලැයිස්තුව ගැසට් කරයි මහමැතිවරණයෙන් ශ්‍රී ලංකාවේ 9 වැනි පාර්ලිමේන්තුවට තේරීපත් වූ අපේක්ෂකයින්ගේ ලැයිස්තුව විශේෂ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කර තිබේ. 09 August 2020
ජාතික ලැයිස්තුවෙන් ඥානසාර හිමියෝ පාර්ලිමේන්තුවට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට අපේ බලය ජනතා පක්ෂය තීරණය කර තිබේ. 09 August 2020
මස්කෙළිය - නල්ලතන්නිය මාර්ගයට පස්කන්දක් කඩා වැටෙයි මස්කෙළිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (09) දින උදැසන 10 සිට සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසයි. 09 August 2020
අලියකු හැපීමෙන් දුම්රිය පීලිපනී කන්කසන්තුරය සිට කොළඹ දක්වා ධාවනයවූ සීග්‍රගාමී දුම්රියේ වවුනියාව, කනගරායන්කුලම 288 කිලෝමීටර කණුව අසලදී වන අලියකු හැපීමෙන් අද (9) උදෑසන දුම්රිය පීලිපැනීමකට ලක්ව ඇතැයි වවුනියාව දුම්රිය පාලක මැදිරිය පවසයි. 09 August 2020
ලක්ෂ 15 කට අධික මත්කුඩු සමඟ කතක් ඇතුළු තිදෙදෙනක් අත්අඩංගුවට කොස් වෙළෙදාම මුවාවෙන් ඊෂි කෑෂ් ක්‍රමයට හෙරොයින් මත්කුඩු අලෙවි කිරීමේ යෙදුණු පුද්ගලයකු ඇතුළු මත්කුඩු ජාලයක් මෙහෙයවන රැඳවියකුගේ පෙම්වතියක් හා ත්‍රීරෝද රථ රියදුරෙකු රුපියල් ලක්ෂ 15 කට ආසන්න මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව හෝමගම මූලස්ථානය පොලිසිය කියයි. 09 August 2020
මහින්ද රාජපක්ෂ අග්‍රමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස සිව්වැනි වරටත් මහින්ද රාජපක්ෂ මහතා අද (9) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 09 August 2020
තමන්ට අසාධාරණයක් වූ බව ශශිකලා කියයි යාපනය දිස්ත්‍රීක් ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ ඒකකය තුළ වංචනික අන්දමින් අකටයුත්තක් සිදුව තිබෙන බවත් මනාප ලැයිස්තුවේ දෙවන තැන ගත් තමන් සිව් වන තැනට පත්කර පරාජය කර තිබෙන බවත් ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ යාපනය දිස්ත්‍රීක්කය සදහා තරග කළ ශෂිකලා රවිරාජ් මහත්මිය අද(9) ලංකාදීපයට පැවසුවාය. 09 August 2020
මැතිවරණ ප්‍රතිඵලය පිළිනොගෙන දෙවියන්ට පොල් ගසති මෙවර පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පුත්තලම දිස්ත්‍රික්කයට තරඟ කල ජගත් ප්‍රියංකර මහතාගේ මනාප ප්‍රථිපලය පිළිනොගන්නා බව පවසමින් ඔහුට සදාරණයක් ඉටුකරදෙන ඉල්ලා ඔහුගේ ආධාරකරුවන් පිරිසක් දංකොටුව සිංක්කුලිය අයියනායක දේවාලයේදී අද (08) පොල් ගසා දේවකන්නලව්වක් පැවැත්වූහ. 08 August 2020
රුපියල් කෝටියක කහ - එනසාල් හොරෙන් ගෙනෙති නීතිවිරෝධීව ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන ආ එන්සාල් සහ කහ කිලෝ 500කට ආසන්න තොගයක් යුද හමුදා බුද්ධි ඒකකය කල්පිටිය, ආනවාසල ප්‍රදේශයේදී අද (8) අත්අඩංගුවට ගෙන ඇත. 08 August 2020
ලක්ෂ තුන හමාරක රන් මාලය ගිල දමයි කාන්තාවකගේ ගෙල බැඳ තිබූ රුපියල් ලක්ෂ තුන හමාරක් පමණ වටිනා රන්මාලය කඩා ගෙන දිවගිය පුද්ගලයෙක් පොලිසියට අසුවූ අවස්ථාවේදී එම රන් මාලය ගිලදමා තිබේ. 08 August 2020
සෂිකලාගේ ආධාරකරුවන්ගේ සත්‍යග්‍රහයක් යාපනය තෙන්මරච්චි ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වන නඩරාජා රවිරාජ් මහතාගේ පිළිරුව ඉදිරිපිට පිරිසක් අද (08) සත්‍යග්‍රහයක නිරත විය. 08 August 2020
අභිෂේක් බච්චන් කොරෝනාවෙන් සුවය ලබයි කොරෝනා වයිරසය අසාදනය වීම නිසා දින 20 කට වැඩි කාලයක් රෝහල් ගතවී සිටි බොලිවුඩ් නළු අභිෂේක් බච්චන් මුහුණ දුන් අවසන් පී.සී.ආර්. පරීක්ෂණයෙන් සමත් වී තිබේ. එහි ප්‍රතිඵල අනුව අභිෂේක් කොරෝනා රෝගී තත්වයෙන් සුවය ලබා සිටී. 08 August 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026