(සුජිත් හේවාජුලිගේ )
ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා රට ලබන 31 වැනිදා විවෘත කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නැතැයි කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
රටේ තත්වය සමාලෝචනය කිරීමෙන් පසුව එය තීරණය කරන බවද යුද හමුදාපතිවරයා කියයි
බොහෝ දුරට එය හෙට (28) තීරණය කෙරෙනු ඇතැයි සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි .
රටේ කොවිඩ් පැතිරීම අඩු වී ඇත්දැයි අප කළ විමසුමකදී යුද හමුදාපතිවරයා පැවසුවේ ඒ ගැන ප්‍රකාශයක් කිරීමට තවම කල් වැඩි බවය
කොවිඩ් පාලනය කිරීම සඳහා රජය විසින් පසුගිය 25 වැනිදා රාත්‍රියේ සිට ජුනි 7වැනිදා දක්වා සංචරණ සීමා පනවණු ලැබීය .
ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පමණක් ලබන 31 වැනිදා සහ ලබන මස 4 වැනිදා රට විවෘත කිරීමට මුලින් තීරණය කර තිබිණ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිරෝධානය හෝටල් ටික හිස් වෙන එක අනුව ගුවන් තොටුපොල වහනවා අරිනවා. අනිත් ඒවත් ඔය වගේ තමයි.
ඇත්ත ට මුහුණ දෙමු. නැවතත් 7දා සිට දින කීපයක් එක දිගට (දින3 පමණ ) ඇරලා නැවතත් සතියක් වත් වහන්න. ඒ ඇති .
මොකක් ද සර් මෙකේ තෙරුම දැන් 31, 4 රට අරිනව කියුව නේද මිනිස්සුන්ට අත්‍යවශ්‍ය බඩු ගන්න. කිසිම දේක හරි තීරනයක් නැනේ.
හරි , හරි , හරි හරි.... මම හොඳටම කළා.
පොඩි මිනිහට ඇති ප්‍රශ්න ඔබලාට නැහැනේ.
ලබන 7 දක්වා රට සම්පූර්නයෙන් වහන්න පටු දේශපාලන අරමුණු කරා යන්න එපා
එක එක වෙලාවට එක එක ඒවා කියනවා. මොනවා කියනවද කියලා දන්නේත් නැතුව ඇති ?
හොදට කරන්න යද්දි මේවගේ දේවල් වෙනවා
ජිවත් වන්නට සල්ලි ඔනි .5000 ඔනි.
ඇරපු ගමන් සල්ලිකාරයෝ ටික පාරට බහියි. දුප්පත් අය පව්
අනේ දැන්ම අරින්න එපා තව ණය ගන්නකන් වහන්න.