(සිතුම් චතුරංග)
වවුනියාව , ආච්චිපුරම් ප්‍රදේශයේ නිවසකට මුහුණු ආවරණය කොට තියුණු ආයුද රැගෙන ඇතුළුවූ කණ්ඩායමක් එම නිවසෙ නිදා සිටි එකම පවුලේ හය දෙනකු කපාකොටා පහරදී පලා ගොස් ඇතැයි වවුනියාව පොලිසිය කියයි.
මෙම පිරිස නිවසෙහි විදුලි උපකරණ හා යතුරු පැදි දෙකකටද අලාභ හානි සිදුකොට ඇති බවද පොලිසිය පවසයි..
නිවැසියන් නිදා සිටින අවස්ථාවේ පැමිණ ඇති මෙම කල්ලිය නිවසෙහි සිටි පිරිමි පුද්ගලයින් සිව්දෙනකුට හා කාන්තාවන් දෙදෙනකුට තියුණු ආයුධ වලින් පහරදී ඇති බවද පොලිසිය සඳහන් කළේය.
පහරදීමෙන් කැපුම් තුවාල ලබාසිටි පුද්ගලයින් ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීම මත වවුනියාව මහ රෝහලට ඇතුලත් කොට ඇති බවද පැවසීය.
පුද්ගලික ආරවුලක් මත නිවස වෙත මුහුණු ආවාරණය කොට තියුණු ආයුද රැගෙන පැමිණි කණ්ඩායමක් එලෙස පහරදී ඇති බවට සැකපලකරන බවත් පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා අස්සේ මේ මිනිස්සු මරාගන්නවා.
කෝ ජාතික අරක්ෂාව