පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම සලකා බැලීම 15දා
අලි ඇතුන් හා සම්බන්ධ ජාතික සැලැස්මක් සකස් කරන ලෙසත් ,හබරණ ප්‍රදේශයේ සිදු වන අලි මරණ සම්බන්ධයෙන් වගකිවයුත්තතන් වහා අත්අඩංගුවට ගෙන , ඒවා සම්බන්ධයෙන් නිසි ලෙස විමර්ශනය කරන ලෙසට වනජීවී අධ්යක්ෂවරයා, පරිසර අමාත්‍යවරයා සහ පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ලබන ඔක්තෝබර් 15 වැනිදා සලකා බැලීමට නියමිතය.