(සුජිත් හේවාජුලිගේ )
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සෙසු සැකකරුවන් ට ඉදිරි සති කිහිපයේදී නීතිපතිවරයා විසින් නඩු පවරනු ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි .
දැනට සැකකරුවන් තිස් දෙදෙනෙකුට අදාළව නඩු නවයක් පවරා ඇතැයිද ඔහු ප්‍රකාශ කරයි.
අඩුපාඩු පැවති විමර්ශන ලිපිගොනුවලින් සියයට 75ක් පමණ සම්පූර්ණ කර නීතිපති දෙපාර්තමේන්තුවට නැවතත් යවා ඇතැයි කී ඇමැතිවරයා ඉතිරි සියයට විසි පහ ලැබුණු පසු නඩු පැවරීම් කටයුතු සූදානම් කෙරෙනු ඇතැයිද සඳහන් කරයි.
මේ අතර නඩු පැවරීම් කටයුතු ඉක්මන් කර ගැනීම සඳහා නීතිපතිවරයා සමග කටයුතු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් 54 දෙනෙකු තමා පත් පත් කළ බව ද සරත් වීරසේකර මහතා පැවසුවේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් සභා මැතිවරණය කිට්ටු වුණාම නේද?
බොරු කාරයෙක්... බෝම්බත් තියලා දැන් අඟපානවා. රට කෑවා..
ශුවර් නේද? සර් අර පොලිස් පරීක්ෂකයා මාරු කරන්න මෙච්චර කාලයක් ගත්තේ නැහැ..
"බාලගිරි දෝෂ අද නොවේ හෙට." ඔබතුමා ඔය තනතුරේ ඉන්නකම් ඔය කතාව තමයි අපිට අහන්න වෙන්නේ...
ජෙනරාල් සර්, ඔබතුමාත් දැන් බොරු වපුරා පච වුණා ඇති. ආණ්ඩුව තවත් අමාරුවේ නොදමා කට වහගෙන ඉන්න. පින්...
පුෂ්වෙඩිල්ල
ලොක්ක බොරු කෙලින්නෙ නැතිව ඔය කට වහ ගෙන ඉන්නවද? ඔකෙ පිටු පස්සෙ ඉන්න මහ එවුන්ට කිට්ටු වෙන්නත් බැහැ ඔහේට.
දැන් ඉතින් කොහේහරි ඉන්න කෙනෙක්ව අදලා නඩුදායි.. බෝම්බෙන් ගොඩ ගිය කට්ටිය ඕකෙන්ම තමයි නැතිවෙන්නෙත්..
නිකන් පිස්සු කිය කිය අපේ කාලේ කන්නේ නැතිව ඉන්න.
පුස්වෙඩි සේකරයාණෝ... !!!
ඔය කියන නුදුර තව අවුරුදු කීයකින්ද එන්නේ?
බයිලා ඔස්තාර් කෙනෙක් ....
ප්‍රමාද වී හෝ ඉක්මණින් කරන්නේ නම් අගය කළ යුතුමයි. ඇමතිතුමනි, කළයුතු දේ ඉක්මණින් කරන්න...
ජනතාව ඔය කතා විශ්වාස කර පළාත් සභා මැතිවරණයේදී ඡන්දය නොදෙති... ඕක විශ්වාස කරාවි හරක්...
අපි බලාගෙන ඉන්නේ..
මහබැංකු හොරුත් අල්ලනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයටත් එහෙදී දඬුවම් දෙනවා.. ඊට කළින් පළාත් සභා ඡන්දයෙන් අපිව දිනවලා ඉන්නකෝ හොඳේ..
දාර පුස් වෙඩිල්ල....
ත්රස්තවාදීන් සිනහ ගස්වා මරා දැමූ රණවිරුවාණෝ...
මොනවා හරි කිය කිය ඊළඟ ඡන්දෙ වෙනකම් ඉඳගෙන යන්න එපැයෑ... රටකට ගිය කලක්..