ගන්සයිඩ් කඳවුර ගෝඨා කඳවුර ලෙස නම්කළා ගන්සයිඩ් කඳවුරක් ගෝඨා කඳවුර ලෙස නම් කර තිබුණේ එවකට පැවති යහපාලන ආණ්ඩුවට දේශපාලන වාසි ලබාගැනීමට බව නාවික හමුදාවේ කොමදෝරු සුමිත් රණසිංහ මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඊයේ (12) ප්‍රකාශ කළේය. 13 August 2020
සහරාන්ලා කලින් අල්ලාගන්න බැරිවුණා එක නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ පැවැති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු යටතට පත්වූ පසු විමර්ශන කටයුතුවලදී අංශ දෙක අතර තරගකාරිත්වයක් නිර්මාණය වූ අතර එම අංශ අතර තොරතුරු හුවමාරුව හා අන්‍යෝන්‍ය සබඳතාව බිඳවැටුණ බවද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ, අන්තවාදී මූලධර්මවාදීන් පිළිබඳ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ගයාන් රත්නායක මහතා ඊයේ (12) පැවසීය. 13 August 2020
තවත් 8ක් සුවය ලබා පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 8දෙනෙකු අද(13) සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 13 August 2020
කම්කරු ඇමැති වැඩ බාරගනී නව රජයේ කම්කරු අමාත්‍යවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා අද(13) නාරාහේපිට කම්කරු අමාත්‍යාංශයේ අද(13) රාජකාරී ආරම්භ කළේය. 13 August 2020
අධ්‍යාපන ඇමැති වැඩ අරඹයි නව රජයේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ජී.එල්. පීරිස් මහතා අද (13) පැලවත්ත අධ්‍යාපන අමාත්‍යංශයේදි රාජකාරී ආරම්භ කළේය. 13 August 2020
සෞඛ්‍ය ඇමැතිනී වැඩ බාරගනී නව රජයේ සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (13)කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශයේදි රාජකාරි ආරම්භ කළාය. 13 August 2020
‘ටී.එන්.ඒ ජාතික ලැයිස්තු ප්‍රශ්නයට මම වගකියන්නෙ නෑ‘ දෙමළ ජාතික සන්ධානය තුළ පැන නැගුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පිළිබඳ ගැටලුවට තමාට වගකිව නොහැකි බවත් එහි වගකීම ඉලංකයි තමිල් අරසු පක්ෂයේ මහ ලේකම් කේ.තුරෙයිරාජසිංහම් විසින් ගත යුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා අද(13) ලංකාදීපයට පැවසීය. 13 August 2020
බුදුන් වහන්සේගේ උපන් ස්ථානය ගැන ඉන්දියාව නේපාලය වචන හරඹයක බුදුන් වහන්සේගේ උපත සහ උපන් ස්ථානය සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් කළ ප්‍රකාශයක් මුල් කරගනිමින් ඉන්දියාව සහ නේපාලය අතර වාග් යුද්ධයක් හටගෙන ඇත. 13 August 2020
ජනමාධ්‍ය ඇමැති වැඩ බාරගනී නව රජයේ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්වූ කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද(13) කොළඹ 05 පොල්හේන්ගොඩ පිහිටි ජනමාධ්‍ය අමාත්‍යාංශ යේදී සිය ධුරයේ වැඩකටයුතු නිල වශයෙන් ආරම්භ කළේය. 13 August 2020
ගුවන්සේවා ඇමැති වැඩ අරඹයි ගුවන්සේවා හා අපනයන සැකසුම් කලාප සංවර්ධන රාජ්‍ය ඇමති ඩී.වී.චානක මහතා අද(13) සිය අමාත්‍යාංශයේදී වැඩ බාරගත්තේය. 13 August 2020
සංචාරක ඇමති වැඩ බාරගනී සංචාරක ඇමති ලෙස පත්වීම් ලද ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා අද(13) සිය අමාත්‍යාංශයේදී වැඩ බාරගත්තේය. 13 August 2020
ලංකාපුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හෙට සිට යළි විවෘතයි කොවිඩ් 19 හේතුවෙන් දින 14ක් වසා දැමුණු ලංකාපුර ප්‍රදේශිය ලේකම් කාර්යාලය හෙට (14) සිට නැවත මහජනතාව වෙනුවෙන් විවෘත කරන බව ලංකාපුර ප්‍රදේශිය ලේකම් ඉන්දික කරුණාරත්න මහතා පැවසීය. 13 August 2020
ඥානසාර හිමි පාර්ලිමේන්තුවට යන්නැයි ඉල්ලා සත්‍යග්‍රහයක් අපේ ජනබල පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදෙන ලෙස ඉල්ලා අපේ ජනබල පක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරග කරන ලද මධුශාන් රන්දික අතුකෝරල මහතා ගාල්ල සරෙන්තුකඩේ හන්දියේ දී අද (13) සත්‍යග්‍රහයක් ආරම්භ කළේය. 13 August 2020
වෙලේ සුදාගෙන් විස්කි බෝතල් 100 ගත් ජේලර් ගැන සොයයි බූස්ස විශේෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකු වන ’වෙලේ සුදා’ නැමැත්තාගෙන් සිය විවාහ මංගලෝත්සවය සඳහා මත්පැන් බෝතල් තොගයක් ලබාගත් බව කියන එම බන්ධනාගාරයේ ජේලර්වරයකු සම්බන්ධයෙන් බන්ධනාගාර මූලස්ථානය වාර්තාවක් කැඳවා ඇතැයි එහි ප්‍රකාශකයෙක් ලංකාදීපයට අද(11) පැවසීය. 13 August 2020
පුත්තලම කලපුව වනසා තහනම් තල්ලු දැල් දැමු ධීවරයෝ 9 ක් අත්අඩංගුවට පුත්තලම කලපුවේ නීතිවිරෝධි ආකාරයෙන් තල්ලු දැල් උපයෝගී කරගනිමින් මසුන් අල්ලමින් සිටි ධීවරයින් 9 දෙනෙකු අද (13) අත්අඩංගුවට ගත් බව පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය පවසයි. 13 August 2020
වාසුදේව වැඩ බාර ගනී නව රජයේ ජල සම්පාදන අමාත්‍යවරයා ලෙස වාසුදේව නානයක්කාර මහතා අද (13) පැලවත්ත ජලසම්පාදන අමාත්‍යංශයේදි රාජකාරී ආරම්භ කළේය. 13 August 2020
ඇමැතිවරුනි! රට විමසිල්ලෙන් වැඩ මිස හැඩ එපා ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ අමාත්‍ය මණ්ඩලය ඓතිහාසික මහනුවර මගුල් මඩුවේදී ඊයේ දිවුරුම් දුන්නේය. හැටනවලක්ෂයක ජන වරමින් ජනාධිපතිධුරයට පත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ ඉදිරි දැක්ම ඉදිරි කාලය තුළ ජීවමාන යථාර්ථයක් බවට පරිවර්තනය කිරීමේ අදහස් සහිත වගකීම දෙවුරට ගත් බල සෙනඟට එම වගකීම එයට හිමි නිසි ගැඹුරින්ම ඉටු කිරීමට ශක්තිය ලැබේවා යන්න ලංකාදීපයේ ප්‍රාර්ථනය වේ. එමෙන්ම නව කැබිනට් මණ්ඩලයට අපගේ උණුසුම් ශුභාශිංසන පිරිනමමු. 13 August 2020
ගම්පහ රෝහලේ හෙද වර්ජනය අවසන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි හෙද කාර්ය මණ්ඩලය, පාලනාධිකාරිය සමඟ පවතින ගැටළුවක් සම්බන්ධයෙන් අරඹා තිබූ වැඩ වර්ජනය අවසන් කර තිබේ. 13 August 2020
බන්දුල වෙළෙඳ ඇමැති ධූරයේ වැඩ අරඹයි නව රජයේ වෙළඳ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (13) වොක්ශෝල් වීදියේ පිහිටි වෙළඳ අමාත්‍යාංශයේදී වැඩ බාර ගත්තේය. 13 August 2020
සංවිධානාත්මක කල්ලියක සිව්දෙනෙක් අත්අඩංගුවට සංවිධානාත්මක කල්ලියක සිව්දෙනෙකු වදුරාමුල්ල කැළෑවක පාළු නිවසක සැඟවී සිටියදී තියුණු ආයුධ බෝම්බ සහ මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය කියයි. 13 August 2020
කොරෝනා ආසාදිත ඉන්දීය නෞකා ආරක්ෂකයා අයිඩීඑච් රෝහලට ඊජිප්තුවේ සිට ගාලුවරායට ගොඩබසිනු ලැබු නෞකා මුහුදු ආරක්ෂකයකු වශයෙන් සේවය කරන ඉන්දියානු ජාතිකයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට පී.සී.ආර්. පරීක්ෂණයේ දී තහවුරුවී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි. 13 August 2020
කෝටියක හෙරොයින් මෝටර් රථයෙන් රැගෙනයද්දී අල්ලයි රුපියල් කෝටියකට අධික හෙරොයින් මත්කුඩු මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අඹු සැමි යුවලක් පිලියන්දල, පැලැන්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් පාසල් ආශ්රිත මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය කියයි. 13 August 2020
පොලිසියේ වෙඩි ප්‍රහාර මැද කොල්ල කල්ලිය පලා යයි පූගොඩ පොලිස් වසමේ වෙළෙඳසලක් කොල්ල කා පලා යමින් සිටි කොල්ල කල්ලිය ගමන් ගත් වෑන් රියකට මීරිගම පොලිස් නිලධාරීන් අද(13) පමණ වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි. 13 August 2020
ඉන්දියාවෙන් ගෙන්වූ ලක්ෂ 50ක කහ තොගයක් කල්පිටියේ සඟවලා ඉන්දියාවේ සිට නීති විරෝධි ලෙස බෝට්ටු යාත්‍රා ආධාරයෙන් තීරු බදු රහිතව ගෙනෙවිත් තිබූ ලක්ෂ 50ට ආසන්න වටිනාකමකින් යුත් කහ තොගයක් කල්පිටිය, පල්ලිවාසල්තුරේ, ප්‍රදේශයේ සඟවා තිබියදී කල්පිටිය පොලීසිය අද (13 ) අලුයම අත්අඩංගුවට ගෙනතිබේ. 13 August 2020
කොන්ක්‍රීට් තට්ටුවක් කඩා වැටී අයෙක් මරුට මහරගම අඹගහ පුර සමාධි මාවතේ නිවසක කොන්ක්‍රීට් වලින් ඉදිකළ ඉස්තෝප්පුවක් අනාරක්ෂිත ලෙස කඩා ඉවත් කිරීමට යාමේදී කොන්ක්‍රීට් තට්ටුවක් කඩා වැටීමෙන් කම්කරුවෙකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි මහරගම පොලීසිය පවසයි. 12 August 2020
අමාත්‍යාංශ රාජකාරී සඳුදාට පෙර අරඹන්න ජනපති නියෝග සිය ආයතනවල රාජකාරී කටයුතු ලබන සඳුදාට (17) පෙර බාරගන්නැයි ජනාධිපති කාර්යාලය සියලුම කැබිනට් ඇමැතිවරුන්ට සහ රාජ්‍ය ඇමැතිවරුන්ට දැනුම් දී තිබේ. 12 August 2020
සංස්ථා මණ්ඩල සභාපති තනතුරු එලෙසම රජයේ සංස්ථා ,මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන සඳහා පත් කර සිටින සභාපතිවරුන් අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් දිගටම කටයුතු කරන බව ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතා සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට ලිපියකින් දැනුම් දී තිබේ. 12 August 2020
ෆේස්බුක් සටහනක් නිසා බැංගලෝරය ඇවිළෙයි මුස්ලිම් ජාතිකයන් කෝප ගැන්වෙන අයුරින් දැමූ ෆේස්බුක් සටහනක් හේතුවෙන් ඉන්දියාවේ බැංගලෝර් නගරයේ මහත් කලබලයක් ඇති වී තිබෙන අතර පොලිසිය සමඟ ඇති වූ ගැටුම් හේතුවෙන් අද (12) පස්වරු වනවිට පුද්ගලයන් තිදෙනකුට ජීවිත අහිමි වී තිබිණි. 12 August 2020
සන්ජේ දත්ට පෙනහලු පිළිකාවක් බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ නළුවකු වන සන්ජේ දත්ලා පෙනහලු ආශ්රිත පිළිකා තත්ත්වයකින් පීඩා විඳින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 12 August 2020
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ කොස්තාපල්වරයකුට 10,000 ක අල්ලසක් හොරෙයින් මත්කුඩු ජාවාරම්කරුවෙකු ගෙන් රුපියල් දසදහසක අල්ලස් මුදලක් ලබාගත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ කොස්තාපල්වරයකු මාවනැල්ල දෙවනගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය . 12 August 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026