
(නිමන්ති රණසිංහ )
කුරුණෑගල පොලිසිය සංවිධානය කර තිබූ පිරිත් සජ්ජායනාවක් අතර තුර කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතරණ මහතාගේ උපන්දින සැමරුම සම්බන්ධයෙන් පොලිස් අධිකාරිවරයකුගෙන් ප‍්‍රධානත්වයෙන් යුතු විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම සිද්ධිය නිරෝධායන නිතිවලට පටහැනිව සිදුකරන ලද්දක් බවත් මෙය පොලීසිය සම්බන්ධවී නොකළ යුතු කි‍්‍රයාවක් බවත් ඔහු සදහන් කරයි.
පිරිත් සජ්ජායනාවකට පැමිණ උපන්දින කේක් කපමින් සිදුකළ මෙම කි‍්‍රයාව සම්බන්ධයෙන් ඉතා දැඩිව නිතිය කි‍්‍රයාත්මක කරන බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කරයි.
කොවිඞ් -19 වසංගය දුරුවේවායි ප‍්‍රාර්ථනා කරමින් කුරුණෑගල පොලීසිය සංවිධානය කළ සත් දින පිරිත් දේශනාවක් මේ දිනවල එම පොලිස් ස්ථාන පරිශ‍්‍රයේ දී පැවැත්වෙන අතර, එම පිරිත් දේශනය ශ‍්‍රවණය කිරීම සඳහා කුරුණෑගල නගරාධිපතිවරයා ඊයේ (30* පස්වරුවේ සහභාගි වී සිටියේය. එහිදී ඊයේ දිනට යෙදි තිබු නගරාධිපතිවරයාගේ උපන්දිනය සැමරීමද සිදුකර ඇති අතර එහිදී පොලිස් නිලධාරින් විසින් නගරාධිපතිවරයා වෙනුවෙන් සුදානම් කර තිබු උපන්දින කේක් ගෙඩිය කැපීමද සිදුව තිබිණී.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අජිත් රෝහණ මහතාගේ කයිවාරු විතරයි.. අපි බලමුකෝ නගරාධිපතිට නීතිය කරන හැටි...!!!
දේශපාලකයන්ට කඩේ යන මේ වගේ නිලධාරීන්... අස්කර දැමිය යුතුයි. අනෙක් අයටත් පාඩමක් ඉගැන්වීම උදෙසා... !!!
පොලිසිය ආදර්ශමත් විය යුතුය. ටික කාලෙකට පත්වෙන මහජන නියෝජනයන් සතු කිරීමට වඩා...
රටේ කෝවිඩ් වලින් දිනපතා සෑහෙන සංඛ්‍යාවක් මිය යනවා. සංචරණ සීමා කාලයේ මිනිසුන් අනේක වූ දුක් ගැහැට විඳිනවා. ඒ ගැන කිසිඳ දුකක් හෝ හැඟීමක් නැති මේ වැනි නරුමයන් කේක් කනවා විනෝදයෙන්. මෙහෙමත් හිත් පිත් නැති මිනිසුන්. කිරිබත් ටිකකුත් උයාගෙන කෑවා නම් තමා වඩාත්ම හොඳ. කෝවිඩ් මාරයාණෙනි, නුඹටත් පෙනෙනුයේ අහිංසක මිනිසුන් පමණි. මෙවන් හිත් පිත් නැති මිනිසුන්ව නුඹටත් පෙනෙන්නේ නැත.
රජමාලිගාව කඩා දැමූ වෙලේවත් උද්‍යානය විනාශ කරපු වෙලේවත් නැති නීති, කේක් කැපුවා කියලා තමයි දඬුවම් දෙන්නේ. මොන ජෝක්ස්ද මේ..? මේ අය රට්ටු හිනස්සවනවා.
රටේ නායකත්වයේ සහ පාලනයේ අසාර්ථකකම තමයි මේ හැමතැනින්ම එළියට එන්නේ. කොරෝනා අස්සේ වසන්ත සැණකෙළි දාපු, බිලියන ගාණක වාහන ගෙන්නන්න හදපු අගමැති කෙනෙක් ඉන්න රටේ තව මොන කතාද?
නගරාධිපතිතුමාගේ මයිල් ගහකටවත් අත තියන්න දෙන්නේ නැහැ. හොඳේ... මීට ඇමැති.
මීගමුවේ එරික් නිලධාරීතුමාට ක්‍රියාත්මක වෙච්ච විදිහට නම් නීතිය ක්‍රියාත්මක වෙන එකක් නැහැ.
මෙහෙම හිරිකිත රාජ්‍ය නිලධාරීන් ගැන කනගාටුයි.
නගරාධිපති පුරාවිද්‍යා ස්මාරකය කඩා දමපු වෙලාවේ අපි ඊට විරුද්ධව උද්ඝෝෂණ කරනකොට ඔහුව රැක්කේ ඔය බේබදු පොලිසියේ අය. කෝ එක රටක් එක නීතියක්?
මාලිගාව කඩලා නිදැල්ලේ ඉන්න හේතුව සහ බලය දැන් ලොවටම පැහැදිලියි.
නගරාධිපතිගේ මයිල්ගහකට අත තියන්න ඉඩදෙන්නේ නෑ...
අජිත් රෝහණ... ඔයාට නම් උසස් වීමක් නැහැ.
පියුමිව අත් අත්ඩංගුවට ගත්තා නම් මේකාවත් අත්ඩංගුවට ගනිවු. පියුමිට සාදාරනයක් කරව්.
අන්තිමේදි කේක් කපපු පිහිය වැරදිකරු වේවි.