( තිළිණි ද සිල්වා )
වියට්නාමයේ පසුගිය සති දෙකක කාලය තුළ සංචාරයේ නිරත වූවන් හා වියට්නාමය සමග ගුවන් ගමන් හුවමාරු වූ පුද්ගලයන්ට තාවකාලිකව මෙරටට ඇතුලු වීමට අවසර නොලැබෙන බව ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පැවසීය.
ගුවන්තොටුපල හෙට (01) දින සිට විවෘත කළත්, වියට්නාමයේ සිට පැමිනෙණ අයට මෙම තහනම බලපැවැත්වෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
වියට්නාමය තුල මේ දිනවල කොවිඩ් වසංගතයේ නව දෙමුහුන් ප්‍රභේදයක් පැතිර යන බැවින් රජය මෙම තීරණයට එළඹි බවද ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාවකාලිකව හරි මොලේ ඇති වැඩක් කරාමද කොහේද? ගොඩක් පින් ඔයාට...!!!
කොමිසක් දුන්නාම ඒක නීතියක්වත් බලපාන්නේ නැහැ...
ඇයි මේ එක එක දවස ගානේ ප්‍රකාශ නිකුත් කරන්නේ? තාමත් නැද්ද එක ක්‍රමවේදයක් මේකෙන් ගොඩ එන්න. සංචාරක ඇමැති එකක්... ගුවන් සේවා ඇමැති එකක්.. තව ඉන්න හැටහුටාහමාරක් හිතුණු හිතුණු ඒවා කියනවා.
මේ ලෝකෙටම විහිළු සපයන කෙනෙක් දැන්... අපි මිලියන 21ක ජනගහනයට 1500ක මරණ අනුපාතයක් තියාගෙන මිලියන 98කින් මරණ 47ක් පමණක් ඇති රටක ප්‍රසිද්ධියේ පුප්පන්න. නූගත්, බුද්ධි මට්ටමෙන් හීන පාලකයෝපත්කරගත්තාම මෙහෙම වෙලා මදි අපිට...
කොරෝනා සාධක බලකායේ ලොක්කා කෝ..?
මේ අයට නම් පිස්සු..?
වියට්නාමය යනු කොරෝනා මරණ සහ ආසාධිතයින් සිටින පුරවැසියන්ගේ ප්‍රතිශතය අනුව ඉතා අඩු රටකි. එන්නත්කරණය මේ වන විට රටේ ජනගහනයෙන් 25%කට ලබාදී ඇති රටකි. ඔය හදිස්සිය මීට මාස 02කට පෙර ඉන්දියාවට රට වැසීමට ඔබේ ආණ්ඩුවට තිබුණේ නැත. ඔබලා සියලු දෙනාම අසමත්.. ලබන පළාත් සභා ඡන්දෙදී ප්‍රතිඵල ලැබේවි..