(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් පීඩාවට පත්වූ අඩුආදායම් පිරිස්වලට රුපියල් පන්දහසේ දීමනාව ලබාදීමට අදාළ ලේඛන සකස් කිරීමේ කටයුතු අද (31) සිට ආරම්භ කෙරිණි .
මෙම දීමනාව ලබාදීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්ට අවශ්‍ය උපදෙස් ලබා දී ඇතැයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය .
රුපියල් පන්දහසේ දීමනාව ඉදිරි දින කිහිපයේදී ජනතාවට ලබාදීමට නියමිතය.මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන දිලුම් අමුණුගම මහතා මෙසේද කීය.
"නිරෝධායනය වන අයට රුපියල් 5000 දෙන්නෙ නෑ . මොකද ඒ අයට බඩු ගන්න ගෙදරින් එළියට යන්න බෑ. ජංගම රථවලින් බඩු ගන්නත් බෑ . ඒ නිසා ඒ අයට රුපියල් දහදාහක බඩු බඩුමල්ලක් දෙනවා .අඩුආදායම් වුණත් නොවුණත් ඒ මල්ල ගෙදරටම ගිහිල්ලා දෙනවා .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අච්චු ගහගහ දීපල්ලා..,රුපියල තව බාල්දු වෙයි.