ඇඟලුම් අස්සේ කෝටි දෙකහමාරක මත්පෙති
රුපියල් දෙකෝටි හතළිස් අට ලක්ෂයක් (2,48,00,000) වටිනා මෙතැම්පටමයින් නමැති විස මත්ද්‍රව්‍ය පෙති 4960 ක් ඇඟලුම් බහාලූ පෙට්ටියක සඟවා, කටුනායක කුරියර් භාණ්ඩ නිශ්කාශන මධ්‍යස්ථානයට ගුවන් මගින් එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (11) සවස අත්අඩංගුවට ගනු ලැබ ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.