
(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද අලුයම විවෘත කිරීමත් සමඟ එළවළු කිලෝ ලක්ෂ සියයකට වැඩි ප්‍රමාණයක් දඹුල්ලට ලැබී ඇතැයි ව්‍යාපාරිකයෝ කියති.
දින ගණනාවක් තිස්සේ වසා දමා තිබීම නිසා තම නිෂ්පාදන විශාල වශයෙන් ගොවීන් රැගෙන ඒම සිදු කළ ද එළවළු මිල ඉතා ඉහළ අගයක් ගෙන තිබූ බව වෙළෙන්දෝ මෙන්ම ගොවීන් ද පවසති.
එ අනුව කැරට් බෝංචි මාළු මිරිස් ආදී කිලෝවක තොග මිල රුපියල් 200 ඉක්මවා පැවැති අතර පහතරට එළවළු වර්ගද රැසක මිල රුපියල් සියය 150 ඉක්මවා තිබීම විශේෂත්වයකි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට 29 දින මධ්‍යම රාත්‍රියේ සිට දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම එළවළු අලෙවි කිරීම සඳහා ගොවීන් මෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වෙළෙන්දන් පැමිණ සිටින අයුරු දැක ගැනීමට හැකිවිය
අලුයම පහට ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමග පැමිණ තිබූ එළවළු ලොරි ආර්ථික මධ්‍යස්ථානය තුළට ඇතුළත් කර ගැනීමට පොලිසියට දැඩි වෙහෙසක් දැරීමට සිදු විය.
මහනුවර යාපනය ඒ නමය ප්‍රධාන මාර්ගය දෙපස කිලෝමීටර් ගණනාවක් යනතුරු දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ .එක් පසෙකින් එළවලු මිල දී ගැනීම සඳහා පැමිණි ව්‍යාපාරික ප්‍රජාව ගේ රථවාහන වලින් මෙන්ම එළවළු අස්වැන්න රැගෙන එන ගොවීන්ගේ රථ වාහන වලිඳ මාර්ගයේ දැඩි තදබදය දැකගැනීමට හැකිවිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හරිද
මේ කතාව ඇත්තද ? ඇයි බෙරුව සමාජ ගත කරන්නේ අද දවසට ආර්ථිකයේ දක්වා ඇති නිලවාර්තා වල අදේ 10 වෙන විට එළවලු ලොරි 700ක් පමණ පැමිණ ඇත මේවා ත්‍රිවිල් බට්ට ලොරිත් එක්ක කිලෝ ලක්ෂ 20 පමණ වේ වහන 500ක් පමණ එළවළු අරන් ඇවිත් තව වාහන රැසක් පොලිම්වල තියේනවා ඒවායේ එළලුආවාත් කොටියක් තියේද
වෙන්න ඇති. ඒත් වෙළෙන්දාට ප්‍රතිලාභ ලැබෙනවද? අතරමැදියන් ඉහළින්ම ගසා කනවා. වෙළඳපලේ එළවලු ගිනි ගණන්. මේකට රජය මැදිහත් වී හමුදාව ලවා හරි සාධාරණ මිළක් ගොවියාට දෙන්නත් පාරිභෝගිකයා මේ වෙලාවේ ආරක්ෂා කරන්නත් පියවර ගන්න.
ජනාධිපතිතුමාගෙ කොම්පොස්ට් වැඩපිලිවෙලට ගනන පුලුවන්