(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ව්‍යාපාරික පියාගේ අවසන් කටයුතු සිදු කර පැය කිහිපයකින් පුතා ලේලිය ඇතුළු පවුලේ සාමාජිකයන් සිව් දෙනෙක් හා කොරෝනා ආසාධිතයන් බව අනාවරණයවීම හේතුවෙන් අවමගුල පැවති මල් ශාලාවේ හය දෙනෙක් එම මල්ශාලා පරිශ‍්‍රයේම නිරෝධායනට ලක් කිරීමට මීරිගම සෞඛ්‍ය බලධාරීන් පියවර ගනු ලැබුහ.
මීරිගම ප‍්‍රදේශයේ ප‍්‍රධාන පෙලේ ව්‍යාපාරික ආයතනයක හිමිකරුගේ පියා සිකුරාදා අලූයම මරණයට පත්වී ඇත.
ග‍්‍රාම නිලධාරි නිර්දේශය ඇතිව දේහය මල්ශාලාවකට ගෙනවිත් එහි මූලික කටයුතු සිදුකර අවසන් ගෞරව දැක්වීම සදහාද එම මල් ශාලාවේම තැබීමට පියවර ගෙන ඇත.
පවුලේ පිරිස මෙන්ම ප‍්‍රදේශයේ ඥාති හිතවතුන්ද විශේෂයෙන්ම නගරයේ ව්‍යාපාරික පිරිස්ද මේ අවස්ථාවට එක්වී තිබේ.
එදිනම පස්වරුවේ දේහය ආදාහනය කිරීමට කටයුතු කර ඇති අතර ඉන් අනතුරුව පස්වරුවේ සිදු කෙරුණු පරීක්ෂණයකදී මියගිය අයගේ පුතා ලේලිය හා දරු දෙදෙනා කොරෝනා ආසාධිතයන් බව හෙලිවීම හේතුවෙන් සෞඛ්‍ය බලධාරීහු මල් ශාලාවේ අයිතිකරු ඇතුළු හය දෙනා මල් ශාලාවේම නිරෝධායනයට ලක් කරනු ලැබ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ... !!! මොනතරම් දුක්ඛිත පුවතක්ද? මෙවන් දේ අසන්නට අප මොනතරම් අවාසනාවන්ත ද? මේ නපුරු වසංගතය දුරුවී සැම සුවපත් වේවා...!!!
සෞඛ්‍ය බලධාරීහු මල් ශාලාවේ අයිතිකරු ඇතුළු හය දෙනා මල් ශාලාවේම නිරෝධායනයට ලක් කරනු ලැබ ඇත. මල් ශාලාවක් තුළ නිරෝධායනය කිරීම ශිෂ්ට සම්පන්න නැහැ.
මම තමයි හොඳටම කරේ. මට කියනවා, කොහොමද ඉතාලියේ කරේ, චීනේ කරේ.... කියලා?
මේ රටේ එක නීතියක් නැති නිසා වූ විපත් මේ... අපේ මිනිස්සුත් මරණයක් වුණාම පි.එච්.අයි මහතාව සහ ග්‍රාම නිලධාරින්ව මුලින්ම දැනුවත් කරන්න ඕනේ. ඉන්පස්සේ පළාතේ පොලිස් මූලස්ථානය දැනුවත් කරලා මෘත ගරීරය පළාතේ රෝහලට ගෙනියන්න ඕනේ පීසීආර් පරීක්ෂණයට. නමුත් මෘතශරීර වල පවුලේ අය කරන්නේ අත යටින් පගාව දීලා අතරමගදී රෝහලට ගෙනියන එක වළක්වාගෙන මල්ශාලාවට ගෙනියනවා. බොහෝ මල්ශාලාකාරයොත් ගාණක් අයකරගන්න පුලුවන් නිසා නීතියට පිටින් ගිහින් මේ වගේ වැඩ කරන නිසා තමා මේ අසරණ ජනතාවට මේ වගේ වෙන්නේ. ආණ්ඩුව හරි නම් එක නීතීයක් දාන්න ඕනේ මල් ශාලාවලට PCR නැතිව මෘතශරීර බාර ගැනීම තහනම් කියලා... එහෙම වුණා නම් වගකිවයුත්තන් වැඩේ හරියට කරාවි. නීතියක් නැති නිසයි මේ ඔක්කොම...
කනත්තේදීම නිරෝධායනය කරන්න එපෑයෑ..
හරිම කණගාටුදායකයි.. අපි අසරණ වෙලා. මොනවා කරන්නද? ඉක්මනින් සුවය ලැබේවා...!