(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 42 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (29) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1402 ක් දක්වා ඉහළ ගියේය.
මෙම මරණ අතරින් 6 ක් ඊයේ (29) දිනයේත් සෙසු ඒවා මැයි 14 සිට 28 වැනිදා දක්වා සිදුවූ ඒවා වේ.
මින් හත් දෙනකු නිවසේදී මියගොස් ඇති අතර තවත් සිව් දෙනකු රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මියගොස් ඇත.
ගලිගමුව ප්‍රදේශයේ 60 හැවිරිදි කාන්තාවක්, අලව්ව ප්‍රදේශයේ 60 හැවිරිදි පිරිමි අයෙක්, මහනුවර 74 හැවිරිදි පිරිමි අයෙක්, හලාවත ප්‍රදේශයේ 70 හැවිරිදි පිරිමි අයෙක්, හැටන් ප්‍රදේශයේ 83, 72 සහ 63 වයස්වල පිරිමි අය තිදෙනෙක්, බලංගොඩ ප්‍රදේශයේ 80 හැවිරිදි පිරිමි අයෙක්, මස්කෙලිය ප්‍රදේශයේ 60 හැවිරිදි කාන්තාවක්, බොගවන්තලාව ප්‍රදේශයේ 66 හැවිරිදි පිරිමි අයෙක් සහ 62 හැවිරිදි කාන්තාවක්, දංකොටුව ප්‍රදේශයේ 71හැවිරිදි පිරිමි අයෙක්, බණ්ඩාරගම ප්‍රදේශයේ 58 හැවිරිදි පිරිමි අයෙක්, අගුරුවාතොට ප්‍රදේශයේ 78 හැවිරිදි කාන්තාවක්, පනාගමුව ප්‍රදේශයේ 52 හැවිරිදි පිරිමි අයෙක්, ඉබ්බාගමුව ප්‍රදේශයේ 65 වියැති පිරිමි පුද්ගලයෙක්, පන්සියගම ප්‍රදේශයේ 73 හැවිරිදි කාන්තාවක්, ගාල්ලේ 58 හැවිරිදි පිරිමි අයෙක්, බත්තරමුල්ල ප්‍රදේශයේ 52 හැවිරිදි පිරිමි අයෙක්, කොලොන්නාව ප්‍රදේශයේ 69 හැවිරිදි කාන්තාවක්, ලග්ගල 91 හැවිරිදි පිරිමි අයෙක්, කුණ්ඩසාලේ ප්‍රදේශයේ 73 හැවිරිදි පිරිමි අයෙක්, ගොමගොඩ ප්‍රදේශයේ 87 හැවිරිදි කාන්තාවක්, මීතොටමුල්ල් ප්‍රදේශයේ 60 හැවිරිදි පිරිමි අයෙක්, නාගොඩ ප්‍රදේශයේ 82 හැවිරිදි පිරිමි අයෙක්, අම්බලන්ගොඩ ප්‍රදේශයේ 59 හැවිරිදි පිරිමි අයෙක්, උග්ගල්බොඩ ප්‍රදේශයේ 35 හැවිරිදි කාන්තාවක්, දර්ගා නගරයේ 69 හැවිරිදි කාන්තාවක්, නාවලපිටිය ප්‍රදේශයේ 77, 52 සහ 61 වයස්වල පිරිමි අය තිදෙනෙක්, මහියංගණය ප්‍රදේශයේ 49 හැවිරිදි කාන්තාවක්, ඌව පරණගම ප්‍රදේශයේ 73 හැවිරිදි පිරිමි අයෙක්, බදුල්ලේ 86 හැවිරිදි කාන්තාවක්, කුරුණෑගල ප්‍රදේශයේ 61 හැවිරිදි කාන්තාවක්, ඒකල ප්‍රදේශයේ 51 හැවිරිදි පිරිමි අයෙක්, යාපනයෙ ප්‍රදේශයේ 59 හැවිරිදි පිරිමි අයෙක්, හොරණ ප්‍රදේශයේ 93 හැවිරිදි පිරිමි අයෙක් සහ 78 හැවිරිදි කාන්තාවක්, ගෝවින්න ප්‍රදේශයේ 77 හැවිරිදි පිරිමි අයෙක්, නිට්ටඹුව ප්‍රදේශයේ 37 හැවිරිදි පිරිමි අයෙක් සහ කහටඕවිට ප්‍රදේශයේ 70 හැවිරිදි පිරිමි අයෙක් මියගිය අය අතර වෙති.
මේ අතරින් මරණ බහුතරයකටම හේතු වී ඇත්තේ නිදන්ගත රෝග සහ කොවිඩ් නියුමෝනියා තත්වයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මේ අතරින් මරණ බහුතරයකටම හේතු වී ඇත්තේ නිදන්ගත රෝග සහ කෝවිඩ්, නියුමෝනියා තත්වයයි." කියලා තියෙනවානේ අන්තිමට. එතකොට මේ අතරින් අනික් මරණ සිදුවුනේ කොහොමද? උභතෝකෝටික ප්‍රශ්නයක් මට.