ධීවර ඇමැති-රාජ්‍ය ඇමැති වැඩ භාරගනිති
නව රජයේ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහ විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය, ඉස්සන් ඇතිකිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර යන මහත්වරු කොළඹ 10, මාළිගාවත්තේ පිහිටි එම අමාත්‍යාංශයේදී අද (13) සිය ධූරයන්හි රාජකාරී ඇරඹූහ.