(අංජුල මහික වීරරත්න)
ගමෙි මරණාධාර සමිතිය පවා විපතකදී වත්මන් ආණ්ඩුවට වඩා වගකීම් සහගත අයුරින් ක්‍රියා කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.
ආණ්ඩුව දැන්වත් දේශපාලන උද්දච්ච කමින් මිදී සෞඛ්‍ය උපදෙස් සහ පළපුරුදු දේශපාලන නායකයන්ගේ උපදෙස් අනුව තීරණ ගතයුතු බවද විජයවර්ධන මහතා කියයි.
රට මුහුණපා ඇති වත්මන් අර්බුද පිළිබඳව අදහස් දක්වමින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය ඇමතූ රුවන් විජයවර්ධන මහතා "වෛරස වෙිදය පිළිබඳ හොඳම විශේෂඥයෙක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙිත් සිටිනවා. ඒ මහාචාර්ය තිස්ස විතාරණ මහතායි. නමුත් ආණ්ඩුව එම විශේෂඥයන්ගේ උපදෙස් කණකට ගන්නා බවක් පෙනෙන්නේ නැහැ.ආණ්ඩුවට කොරෝනා වසංගතය පාලනය කර ගන්නට නොහැකි වී ඇත්තේ විශේෂඥ උපදෙස් පසෙකට දමා කොරෝනා වසංගතයෙනුත් දේශපාලනය කරන්නට තැත් කිරීම නිසයි.
වසංගතයක් යනු දේශපාලන තීරණ ක්‍රියාත්මක කළ යුතු තත්ත්වයක් නොවේ.වසංගතයක් මැඩලීමට නම් ක්‍රියාත්මක කළ යුත්තේ ඒ ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ උපදෙස් බව බාලාංශයේ දරුවෙක්ට වුණත් තේරෙන කාරණයක්. ආණ්ඩුව දැන් බල්ලගේ වැඩේ බූරුවා කරන්නා වගේ කොරෝනා මර්දනයටත් දේශපාලනය ඈඳාගෙන තිබෙනවා"යනුවෙන්ද රුවන් විජයවර්ධන මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා හොඳටම කළා මතකයි අපිට...
ඔව් සර්... ඔයා ශ්‍රී ලංකාවේද?
විශේෂඥ කිව්වේ රනිල්ට වෙන්න ඇති. පසුගිය දවසක වජිර අබේවර්ධන මහත්තයා කියලා තිබුණේ මේවගේ වෙලාවක රට කරවන දැනුම තියෙන්නේ එතුමාට කියලා.. ඒත් ඒ තරම් දැනුම් සම්භාරයක් ඇති එතුමා බලයට පත්වෙලා උන්නු කාලේ රටට කරපු දෙයක් නැහැනේ...අන්තිමේ... ඒත් ළඟදී එතුමා ආයෙත් පාර්ලිමේන්තු එනවා කියලා තිබුණා.. අර පින් මන්ත්රීකමට පත්වෙලා.. සමහර විට විශේෂඥ දැනුම දෙන්න වෙන්න ඇති..
අනේ ලොක්කා, පැත්තකට වෙලා ඉන්නවද? කරපු මගුලකුත් නැහැ... බුද්ධි තොරතුරු 300 ගානක් ඇවිත් බෝම්බ ගහනකල් බකන් නිලාගෙන ඉඳලා දැන් එනවා.
බොම්බ පුපුරනකං වගකීම දැක්කා. අනේ නිකං යන්න...
අනේ මේ යන්න මහත්තයෝ... මගුලක් කියවනවා.
බලයේ ඉන්න කාලේ මේ අර වගකීම් පැහැර හැරිය නිසා තමයි. ඊට වඩා සිය ගුණයකින් රට විනාශ කරන මේ අසාර්ථක ජනාධිපති හා රජය ඉන්නේ...
ඒකනේ කියන්නේ විමල්, ගම්මන්පිලගෙන් අහන්න තිබුණා..
ඒකටනේ ඔය වියත්මග කියලා මොලකාරයින් ටිකක් පත්වෙලා ඉන්නේ...!!!
උඩ කමෙන්ට් දාන අය තාම කියලනා සර් ට පුලුවන් කියලා
එහෙම උපදෙස් අවශ්‍ය නැහැ. දේශීය ක්‍රමයට පැණි බීලා.. මුට්ටි ගඟේ දමලා ඕක ගොඩින් බේරගන්න පුළුවන්..
බොරදියේ මාළු බානවා...!!!
අමතක වුණාද?, ඔයා තමයි පාස්කු ප්‍රහාරය කාලේ ආරක්ෂක ඇමැති...!!!
සංචරණ නීති අනුව රැස්වීම් තහනම් වුණාට ඔයාලා එජාප රැස්වීම් සිරිකොත ඇතුලේ තිබ්බේ කොහොමද? විශේෂඥ උපදෙස් අනුවද? පියුමිලා විතරක් නෙවෙයි මේ අයවත් අත්අඩංගුවට ගන්න ඕනෑ.
විජේ ඔබට මතක් කරමි... පාස්කු ප්‍රහාරේ කාලේ ආරක්ෂක ඇමැති මෛත්‍රීපාල සිරිසේන...