
(ෂේන් සෙනෙවිරත්න)
පේරාදෙණිය මහකන්ද සරසවිගම ගම්වැසියන් දෙපිරිසක් අතර ඇති බූ බව කියන ගැටුමකින් බරපතල කැපුම් තුවාල සහිත තිදෙනකු පේරාදෙණිය ශික්ෂණ රෝහල ඇතුළත් කළ බව පොලිසිය කියයි.
මෙම ගැටුම හේතුවෙන් වෙළෙඳහල් දෙකකට වැන් රථය දෙකකට යතුරුපැදියකයට අලභා හානි සිදු කර ඇතැයි ද පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 36 දෙනකු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අතර කාන්තාවන් 06 දෙනකු සිටින බව පොලිසිය සඳහන් කරයි.
මෙම ගැටුමට සම්බන්ධ වූවන් සොයා මහනුවරින් ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් සමඟ පේරාදෙණිය පොලිසිය ඒකාබද්ධව විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ .
සිල්ලර බඩු අලෙවිසල් දෙකෙන් එක් අලෙවි සැලකට වැඩිපුර වෙළඳාමක් සිදුවීම ඇතුළු සිද්ධීන් කීපයක් මෙම ගැටුමට තවත් හේතුවක් වී ඇති බව පොලිසිය කියයි .
ගැටුම හේතුවෙන් තිදෙනෙකුට බරපතල කැපුම් තුවාල සිදුවී ඇති අතර ලක්ෂ ගණනක දේපළ හානියක් ද සිදුවී ඇති බවට ගණන් බලා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ මේ තරම් විනාශයක් වෙලා තියෙද්දී මිනිස්සු ඇනකොටා ගන්නවා. මොන අපරාධයක්ද..?