(ඉන්දිකා රාමනායක)
භික්ෂුවක් ලෙස වෙස් මාරු කර පිණ්ඩපාතයේ යන මුවාවෙන් මුදල් රැස් කළ පුද්ගලයකු මිරිහාන ප්‍රදේශයේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
සංචරණ සීමා කඩ කරමින් මාර්ගයේ චීවරයක් දරාගෙන යන ඔහු සම්බන්ධයෙන් මතු වූ සැකයක් මත මොහු නවතා ප්‍රශ්න කිරීමේ දී මොහු මෙම ව්‍යාජ රංගනයක යෙදී ඇති බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු තිස්තුන් 33 හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා අනිවාර්යයෙන් බෝන් අගේන් කල්ලියේ කෙනෙක් වෙන්න ඇති...
සමහර සිවුරු දරාගෙන ඉන්න අයත් මේ විදියට රඟපානවා.
ඕක මොකක්ද? දුප්පත් කමට කරපු වැඩක්. කිහිප දෙනෙක් හැර අන් සියල්ල කරන්නේ මහා පරිමාණයෙන් චීවරය අවභාවිතා කරන එක තමයි...
චීවරය දැන් මිනිස්සු ගණන් ගන්නේ නැහැ...
කොහොමටත් කරන්නේ ඒකනේ...
චීවරයත් තහනම් කරයිද දන්නැ
ඇයි තවත් සමහරුන් ජනතා ඡන්දයත්, මුදලුත් යන දෙකම අවභාවිතා කරමින් රජවරුන් මෙන් සැප විඳින්නේ..
අයියෝ, ඕවත් වැඩද? මේ පළාතේ ඉන්නවා චීවරධාරියෙක්... අගමැතිතුමා සමග ඉන්න පින්තූර පෙන්නලා, රජයේ නිලධාරීන්ව රවට්ටලා, පස්-වැලි-බොරළු කපන බොරු සිවුරු කාරයෙක්...
ඕක අද, ඊයේ වෙන දෙයක් නොවේ. පාර්ලිමේන්තු යන්න ඕක අදාළ නැහැ. වේදිකාවල නැගලා එක එක පක්ෂවලට කඩේ යන්නේ... මේ ඔක්කොම අවභාවිතය තමයි.
හැම චීවරධාරියෙක්ම කරන්නේ ඔය ටික තමයි. අන්තිම අවබාවිතා වෙන්නේ අපිවමයි.
අහිංසක නැතිබැරි මිනිහෙක් අල්ලගෙන මාධ්‍ය සංදර්ශන දානවා. කෝ මහබැංකු, පාස්කු එකෙක්වත් ඇල්ලුවද? නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ...
මේ මිනිස්සු අපායේ ගිහින් විඳවනකොට තමයි තේරෙන්නේ... එතකොට ඉතින් පරක්කු වැඩියි...