
(ඩයනා උදයංගනී)
කොවිඩ් ප්‍රතිකාර කටයුතු සඳහා ඕස්ට්‍රේලියා රජයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ වෛද්‍ය උපකරණ ලබන 03 වැනි දා මෙරටට ළගා වීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ ජනාධිපති කාර්යාලයේදී අද (31) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වු අවස්ථාවේදීය.
අගය එකතු කිරීමේ නිෂ්පාදන සඳහා වැඩි ආයෝජන අවස්ථා උදාකර ගැනීමෙන් ඉන්දියාව, මැද පෙරදිග ඇතුළු රටවල් රැසක් ඉලක්ක කරගත් අපනයන වෙළෙඳපොළක් මෙරට ස්ථාපිත කළ හැකි බවද මහ කොමසාරිස්වරයා මෙහිදී පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ කෙටි කාලසීමාවක් තුළ මෙරට මුහුදු සීමාවේදී සිදුවූ නෞකා අනතුරු හේතුවෙන් සිදුවන පරිසර හානිය තක්සේරු කිරීමට සහ කාබනික පොහොර මත පදනම් වු කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් රජය දියත් කර ඇති වැඩපිළිවෙළට ඕස්ට්‍රේලියානු රජයේ තාක්ෂණික සහාය අපේක්ෂා කරන බවයි.
ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් ආමෙයිටි බ්‍රැඩ්ලි මෙනවිය, ආරක්ෂක උපදේශක නාවුක කපිතාන් ඉයන් කෙයින් , ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ විමලයා? මෙන්න අධිරා්‍යවාදී කුමන්ත්‍රණයක්.. ඇවිත් මව්බිම බේරාගන්න. අපි තැඹිලි වතුර අරගෙන එන්නම්...!!!
සල්ලි නම් දෙන්න එපා අපේ ලොක්කන්ට.. උපකරණ දෙන්න..!!!
ජාත්‍යන්තර සබඳතා ගැන හොඳ උදාහරණයක්... මේ වෙනුවෙන් වෙහෙසෙන අයගේ අවධානය සඳහායි.
නිමකම්ම තමයි කන්න බලානෙ ඉන්නේ
අපිට ආධාර දෙන අනෙකුත් රටවල් වලටත් ඕස්ට්‍රේලියා රජයට වාගේ මොලේ පෑදී මූල්‍ය ආධාර වෙනුවට භාණ්ඩ ආධාර දෙන්න කියන්න. නැත්නම් අසරණ මහජනතාව අතට ලැබෙන්නේ ආධාර වලින් සුලු කොටසක් විතරයි
බොහොම ස්තුතියි ඕස්ට්‍රේලියන් රජයට. හැබැයි අමතක කරන්න එපා... සල්ලි නම් දෙන්න එපා...!!! මේ රට පාලනය කරන්නේ සල්ලි බිල්ලෝ. රට විකුණමින් මහජන දේපළ හොරාකෑම ඔවුන්ගේ එකම මහජන සේවයයි. ඒ නිසා අපේ දුප්පත් රටට අවශ්‍ය ආධාර සියල්ලම " ද්‍රව්‍යමය " අධාරවලින්ම ලබා දෙන්න.
ඕස්ට්‍රේලියාව චීනය එක්ක ගේම ඉල්ලනවා... කොරෝනා බොරුවක් කියලා.. දැන්ම චීනේ හදලා විකුණනවා. කවුරු විශ්වාස කරන්නද? මේ ඔක්කොම ගොනාට අන්දන්නේ අපිවගේ ගොන්නුඉන්න රටවල්...