
(රංජිත් රාජපක්ෂ)
ප්‍රිමා සමාගම විසින් නිෂ්පාදනය කරන රොටි පිටි මිල අද සිට රු 4 කින් ඉහල නංවා ඇති බව ප්‍රිමා තිරිගු පිටි සමාගමේ ඒජන්තවරු පවසති.
කොත්තු රොටි, පොල් රොටි , අල රොටි , බිත්තර රොටි ,පිට්ටු , ඉදි ආප්ප සහ පරාටා ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක් රොටි පිටිවලින් පිළියෙළ කරන අතර පාරිභෝගිකයෝ ද විශාල වශයෙන් රොටි පිටිවලට හුරුව සිටිති
රොටි පිටි කිලෝ 50 ක මිටියක් මිට පෙර රුපියල් 2150 අලෙවි කල අතර , නව මිල යටතේ එය රුපියල් 2350 කට අලෙවි කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වතුකරයේ ජනතාව රොටියක් පුච්චලා යාන්තම් හරි ජීවිත ගැටගහගත්ත ඔය පිටිමිල ටිකක් හරි අඩු හින්දා ඕකටත් මේ අය කෙළියා.
නිවසේ සිට රොටි හදනකොට 50%ක් ගොටුකොළ එකතු කරන්න. කුඩා කල මම එහෙම හදලා රොටි කෑවා. හරිම පෝෂ්‍යදායකයි.
ගහෙන් වැටිච්ච එකාට ගොනා ඇනපි කිව්වලු. ඊට පස්සේ වෙන්නේ පිටි හිඟයක්... බන්දුල මාමා තවම දන්නේ නෑ වෙන්න ඕනෑ...
මේකත් මේ ‘‘සහන මල්ලේ‘‘ නැට්ටක් නේද?
එන්නත්වලට ගෙවපු සල්ලි සහ කොමිස් ගහපුවා අපෙන් ගන්න ක්‍රමය..., කොරෝනා කියන්නේ.. තනිකරම බොරුවක් තමයි...
ගහෙන් වැටුණු මිනිහාට ගොනත් ඇන්න කියපි. ගෙදරට හිරවෙලා සතේ අතේ නැතිව රොටියක් කාලා කුසගිනි නිවාගන්න අහිංසක දුප්පතාටමනේ කෙලියේ...
පත්තරේ මහත්තයාගෙන් දැනගන්න අහන්නේ..!!! පාන්පිටි, රොටිපිටි කියන්නේ,.. 02ක්ද?
හොඳ වෙලාවට යහපාලන රජයක් නැත්තේ.. සර් තමයි හොඳටම කරලා තියෙන්නේ...!!!
හොරෙන් හරි ඉතියෝපියාවට පැනගන්න ක්‍රමයක් තියෙනවද බලන්න ඕනේ....?
මොන හත්ඉලව්වකටද රොටී කන්නේ. අපි කේක් කමු. හැට නමලක්ෂයේ නෙවැම්බර් වරුන්ට දැන් හරී සන්තෝෂ ඇති.