(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නිරෝධායන නීති උල්ලංඝණය කරමින් උපන්දින සාදයක් පැවැත්වීම සඳහා පහසුකම් ලබාදුන් කොළඹ ෂැංගිලා හෝටලයේ කළමනාකාරීත්වයට සහ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන්ට ද ඉදිරියේ දී නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එම සාදය සඳහා පුද්ගලයන් 25ත් 30ත් අතර ප්‍රමාණයක් සහභාගි වී ඇති බව දර්ශනවලදී අනාවරණ වී ඇති අතර මේ වන විට සිදුකළ මූලික විමර්ශනවලින් දොළොස් දෙනකු හඳුනාගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කියයි.
සාදයට සහභාගිවූ ඉතිරි පිරිස හඳුනාගැනීම සඳහා ෂැංගිලා හෝටලයේ සි සි ටි වි දර්ශන පරික්ෂා කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා විකාර කියනවා... ශැංග්‍රිල්ලා කියන්නේ චීන හෝටලයක්නේ... රාජපක්ෂවරු ඉන්නකම් ඕකට අත තියන්න බැහැ. කරලා පෙන්නන්නකෝ..!!!
හෝටල් මාස 06ක් වැසිය යුතුයි. කුඩා කඩයක් හෝ ආපන ශාලාවක් හෝ වේ නම් ඒවත් විවෘත කරනවද? නීතිය දෙයාකාරයි වගේ..
බලාගෙන ඔය සීසීටීවී දර්ශන හිටපු ගමන් මැකෙනවා හොඳේ. දැනටමත් මැකිලා ඇති.. පාරේ නිරෝධායන නීති කඩපු මිනිස්සු අරන් ගියේ කුදලලා.. ඒ මිනිස්සු ඇතුළට දැම්මා.. මෙයාලා පැයෙන් දෙකෙන් එළියේ.. කෝ එක රටක්... එක නීතියක්...
දැන් අජිත් රෝහණත් සුරංගනා කතා කියන්න පටන් අරගෙන. ජනතාවට කෙරෙනවා දකින්න කැමැති දේ මෙයාලා කියනවා. ඒත් අපි දන්නවා මේවා නිකම් කයිවාරු විතරයි කියලා..
හෝටලයට කෙසේවෙතත් අවංකව පරීක්ෂණ කරන නිලධාරීන්ට නම් ළඟදීම පරීක්ෂණයක් එයි..
මාර්තු මාසයේ සිට මේ දක්වා මම ඉදිකිරීම් කටයුත්තක් සඳහා ෂැංග්‍රිලාහි සිටිමි. සංචරණ සීමා පැනවූ දින සිට කිසිඳු දිනක ෂැංග්‍රිලා සංකීර්ණයේ කීල්ස් සුපර්මාර්කට් එක ඇතුලු ආපනශාලා සහ කඩ කිහිපයක් මේ මොහොතේත් ෂැංග්‍රිලා නිවාස සංකීර්ණයේ නේවාසිකයින් හට විවෘතව පවතී. එක රටක් තරාතිරම අනුව නීති ගොඩක්...
ආ ඒක ප්‍රශ්නයක් නැ. මේවට කියන්නේ බයිලා කියලා