
(දිලංගා ගෝමස්)
දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ සුළු සේවකයෝ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද දහවල් පැයක කාලයක් රෝහල ඉදිරිපිට දී විරෝධතාවයක නිරත වූහ.
එම ඉල්ලීම් අතර කොරෝනා වසංගත රෝග තත්ත්වය හේතුවෙන් ඇති වී තිබෙන ජීවිත අවදානම වෙනුවෙන් සුළු සේවකයින් සඳහා රක්ෂණ වන්දියක් හෝ විශේෂ අවදානම් දීමනාවක් ගෙවන ලෙසට උද්ඝෝෂණය සඳහා සහභාගි වූවෝ රජයෙන් ඉල්ලා සිටියහ.
සුළු සේවකයන් සඳහා නිසි ප්‍රවාහන පහසුකම් සලසා දෙන ලෙසටද උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට සුලු සේවක කියන්න එපා. මහ සේවකයින් කියලා කියන්න ඕනේ. වෛද්‍යවරු කවුද මෙයාලා එක්ක බලද්දී .. ඔය සාධාරණ ඉල්ලීම් මේ ටික කාලෙට දුන්නාට නම් කමක් නැහැ. ඒත් කෝ අර අත්‍යාව්‍ය සේවා කරපු ගැසෙට්ටුව. ඒක තියෙද්දී මේවා කරනවා නම් ගැසෙට්ටුවෙන් වැඩක් නැති වෙනවා. මුලින් ගැසට්ටුව ක්‍රියාත්මක කරන්න.රෝහල් කාර්ය මණ්ඩල කොරෝනාවෙන් මැරෙනවා නම් ඒ අයට සාධාරණ වන්දි මුදලක් ගෙවිය යුතුයි. මොකද එයාලට මේක බෝ වෙන්නේ රෝහලට එන ලෙඩ්ඩුන්ගෙන්නේ.