(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 43ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ (31) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1484 ක් දක්වා ඉහළ ගියේය.
මෙම මරණ අතරින් 4 ක් ඊයේ (31) දිනයේත් සෙසු ඒවා මැයි 20 සිට 30 වැනිදා දක්වා සිදුවූ ඒවා වේ.
මින් හත් දෙනකු නිවසේදී මියගොස් ඇති අතර තවත් හත් දෙනකු රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇත.
නිවසේ දී මිය ගිය අතර 24 හැවිරිදි තරුණියක ද වේ.
සීදූව ප්‍රදේශයේ 69 හැවිරිදි පිරිමි අයෙක්, කඩුවෙල ප්‍රදේශයේ 95 හැවිරිදි කාන්තාවක්, හාලිඇල ප්‍රදේශයේ 47 හැවිරිදි පිරිමි අයෙක්, වාරියපොල 70 හැවිරිදි කාන්තාවක්, මාවතගම 93 හැවිරිදි කාන්තාවක්, කඩවත ප්‍රදේශයේ ප්‍රදේශයේ 72 හැවිරිදි කාන්තාවක්, ගලේවෙල ප්‍රදේශයේ 59 හැවිරිදි කාන්තාවක්, උහුමීය ප්‍රදේශයේ 36 හැවිරිදි කාන්තාවක්, කුරුණෑගල 75 හැවිරිදි කාන්තාවක් සහ 58 සහ 84 හැවිරිදි පිරිමි අය දෙදෙනෙක්, නිකදළුපොත ප්‍රදේශයේ 60 හැවිරිදි පිරිමි අයෙක්, මැල්සිරිපුර ප්‍රදේශයේ 57 හැවිරිදි කාන්තාවක්, සෙවණගල ප්‍රදේශයේ 67 හැවිරිදි පිරිමි අයෙක්, රත්තොට ප්‍රදේශයේ 24 හැවිරිදි කාන්තාවක්, පානදුර ප්‍රදේශයේ 79 හැවිරිදි කාන්තාවක්, පනාදරගම ප්‍රදේශයේ 53 හැවිරිදි කාන්තාවක්, යන්තම්පලාව ප්‍රදේශයේ 85 හැවිරිදි පිරිමි අයෙක්, ගිරිඋල්ල ප්‍රදේශයේ 80 හැවිරිදි පිරිමි අයෙක්, කොබෙයිගනේ ප්‍රදේශයේ 63 හැවිරිදි කාන්තාවක්, කරෙයිනගර් ප්‍රදේශයේ 40 හැවිරිදි පිරිමි අයෙක්, පුත්තලමේ 69 හැවිරිදි පිරිමි අයෙක්, පැල්මඩුල්ල ප්‍රදේශයේ 67 හැවිරිදි කාන්තාවක්,කාත්තන්කුඩි ප්‍රදේශයේ 71 හැවිරිදි පිරිමි අයෙක්, වත්තල ප්‍රදේශයේ 68 හැවිරිදි පිරිමි අයෙක්, වවුනියාවේ 76 වියැති කාන්තාවක්, බුළුතොට ප්‍රදේශයේ 76 හැවිරිදි පිරිමි අයෙක්, කෑගල්ලේ 58 හැවිරිදි කාන්තාවක්, කලගෙඩිහේන ප්‍රදේශයේ 49 හැවිරිදි පිරිමි අයෙක් සහ 51 සහ 84 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක්, මිනුවන්ගොඩ ප්‍රදේශයේ 73 හැවිරිදි කාන්තාවක්, තලංගමුව ප්‍රදේශයේ 77 හැවිරිදි කාන්තාවක්, අතුරුගිරිය ප්‍රදේශයේ 71 හැවිරිදි පිරිමි අයෙක්, උඩවලව ප්‍රදේශයේ 70 හැවිරිදි කාන්තාවක්, කුරුවිට ප්‍රදේශයේ 35 හැවිරිදි කාන්තාවක්, කලවාන ප්‍රදේශයේ 55 හැවිරිදි පිරිමි අයෙක්, උඩකරවිට ප්‍රදේශයේ 63 හැවිරිදි පිරිමි අයෙක්, කහවත්ත ප්‍රදේශයේ 68 හැවිරිදි කාන්තාවක් සහ 81 හැවිරිදි පිරිමි අයෙක්, පැල්මඩුල්ල ප්‍රදේශයේ 67 හැවිරිදි පිරිමි අයෙක්, කිරිඇල්ල ප්‍රදේශයේ 67 හැවිරිදි කාන්තාවක් සහ රත්නපුර 71 හැවිරිදි පිරිමි අයෙක් මියගිය අය අතර වෙති.
මේ අතරින් මරණ බහුතරයකටම හේතු වී ඇත්තේ නිදන්ගත රෝග සහ කොවිඩ් නියුමෝනියා තත්වයයි.
2025 නොවැම්බර් මස 17
55
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
890
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2520
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කොරෝනා මරණ අද 43ක් වාර්තා වෙයි