(රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටුව මෝල්පේ ප්‍රාදේශයේ එන්නත් කරන වැඩසටහනකදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට බැණ තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටි මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාට ඇප ලබා දෙන්නැයි කළ ඉල්ලීමක් මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවන්දුරුගොඩ මහතා අද ප්‍රතික්ෂේප කළේය.
ඇප ලබාදීමට තරම් ප්‍රමාණයත් කරුණු එම ඉල්ලීමෙහි ඉදිරිපත් කර නොමැති බව සඳහන් කල මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 11 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාජ මාධ්‍ය විරෝධය නිසා අකැමැත්තෙන් වුණත් ටික දවසක් ඉන්න වෙනවා ඇතුලේ. අලුත් පුවතක් එනකම්...
කෝවිඩ් නීතිය අනුව මෙයා මොරටුවේ MOH දොස්තරට තර්ජනය කරපු විදියට අනිවාර්යයෙන්ම නගරාධිපති තනතුරෙනුත් අයින් කරන්න ඕනේ. මේ වගේ කෙනෙක් මොරටුව වගේ ප්‍රභූ නගරයක නගරාධිපති කෙනෙක් වූ එකටත් විශාල ලැජ්ජාවක්... හොරෙන් ඡන්දෙ දාගෙන දිනන ක්‍රමය දැන් මේ ගොල්ලන් දුප්පත් මිනිස්සු රවට්ටන්න හදාගෙන තියෙන්නේ... රට මේකෙන් ගොඩගන්න බැහැ.
ඕනෑම නම් බන්ධනාගාරයේ රෝහලට යන්න ලේසියි...
දවස් කීපයක් බන්ධනාගාරයේ ඉඳීවි. ඊට පස්සේ නඩුව අවුරුදු 7-8 ඇදලා විසි කරලාදාවි.
කොරෝනා පහව යනතුරු රිමාන්ඩ්...
නැතිනම් ජනාධිපති නෝන්ඩි වෙනවනේ..!!!
ජීවිතාන්තය දක්වාම ඇප ලබාදිය යුතු නැති එකෙක්. ඒත් ඊළඟට මෙයාට පපුවේ අමාරුව හැදිලා ඉස්පිරිතාලේ කියයි. රාජපක්ෂලාගේ ඇම්බැට්ටයෙක් වෙන ඔය මිනිහා එළියට ඒවි දඬුවම් නොලබා... රජ, පරපුර රටට පිලිලයක්.
පොහොට්ටුවන්ට හොඳ වැඩේ..
නියමයි. අපිට වැඩකට නැති මිනිහෙක් වුණාට ගමේ ගොයියන්ට නම් වීරයෙක්.