(සුජිත් හේවාජුලිගේ)
දිවයින පුරා සියලුම මත්පැන් අලෙවිහල් (සුරාබදු බලපත්‍ර සහිත ස්ථාන) අද (1) සිට මුද්‍රා තැබීමට පියවර ගන්නා ලදැයි සුරාබදු කොමසාරිස් (නීති) කපිල කුමාරසිංහ මහතා පැවැසීය.
සංචරණ කාලසීමාවේදී මත්පැන් හොරට විකිණීම ඇතුළු අක්‍රමිකතා සිදුවීම වැළැක්වීමටත් බලපත්‍ර සහිත ස්ථානවලට විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ලවන බලපෑම් නතර කිරීමත් සඳහා ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ලෙස මෙලෙස මුද්‍රා තැබීම කළ බවද ඔහු ප්‍රකාශ කළේය.
රටපුරා සුරාබදු බලපත්‍ර සහිත ස්ථාන මුද්‍රා තැබීමට සියලු දිස්ත්‍රික් බාර සුරාබදු අධිකාරිවරුන්ට සහ ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා ලබාදී ඇතැයි ද කුමාරසිංහ මහතා පැවසීය .
(ඡායාරූප: ළහිරු හර්ෂණ)









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාටම වහන්න බැයිද?
අර ඇමැතිතුමාගේ කසිප්පු බිස්නස් එක සරුවෙයි...
මේවා කලාම හරිද?
බොරු වැඩක්, ගමේ වොඩ්කා මුදලාලිලා.. හොඳට හොයනවා. රජයට ටැක්ස් අහිමි වීම විතරයි.