(අංජුල මහික වීරරත්න)
ජාතික පක්ෂයේ පුරප්පාඩුව පවතින මන්ත්‍රී අසුන සඳහා පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වහාම යා යුතු යැයි එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද( 31 )යෝජනා කළේය .
කෘත්‍යාධිකාරී මණ්ඩල සභික දයා පැල්පොල මහතා යෝජනාව ඉදිරිපත් කළ අතර කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සියලුම දෙනාගේ මතය වූයේ රනිල් වික්‍රමසිංහ මහතා හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවට ගොස් විපක්ෂයේ ශක්තිමත් බලවේගයක් ගොඩ නැගීම සඳහා ගොඩනැගීම සඳහා දායක විය යුතු බවයි .
ඊට ප්‍රතිචාර දක්වමින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ තමා සුදුසුම අවස්ථාවේදී සුදුසුම තීරණය ගන්නා බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා තමයි රටේ දේශපාලනය උඩු යටිකුරු කලේ. යහපාලන ආණ්ඩුව විනාශ කරලා දාලා රාජපක්ෂවරු එක්ක ගේම ගහලා එජාපයක් බිමට සමතලා කළා. යහපාලනය එජාපය ගොඩයන්න තිබ්බ මහඟු අවස්ථාවක්... සජිත් යාන්තම් සජබ හඬාගෙන විපක්ෂ නායක වුණා. පාර්ලිමේන්තු යවනවා තියා මෙයාව දේශපාලනයෙන් අතුගාලා දාන්න ඕනෑ. රටටම හෙනයක්...!!!
අාධ්‍යාත්මික නායකතුමාට ජයවේවා..!!!
සජිත් සනීප වෙලා එනකොට පක්ෂයෙන් භාගයක් රනිල් ළඟ ඉඳියිද?
ආපහු පාර්ලිමේන්තුවට එන්න රනිලාප්පච්චි...!!!
විකාර...!!!
රනිල්ට බෑ...!!!
මෙච්චරත් පැරදිලා... විලි ලැජ්ජාවක් නැතිනම්...!!!
වෙන කෙනෙක් නැද්ද? වලපයයි, ගොඩපයයි..!!!
යන ලෝකෙට ගියා නම් හොඳයි කියලයි අපි හිතන්නේ.
මෙයා දැන් මොනවටද ගියේ හදිස්සියේ පාර්ලිමේන්තුවට? ගිය කට්ටිය සමග ඩීල් දාන්නද? මේකත් ආණ්ඩුව සමග විපක්ෂය කඩන ඩීල්ද?.
රනිල් පාර්ලිමේන්තුවේ ඉන්න කාලේ පාර්ලිමේන්තුව තුළ විනය උපරිමයෙන්ම තිබුණා.
මොකද එකපාරටම? මිනිස්සුන්ට පරණ ඒවා අමතක වෙලා වගේද මේ ආයෙත් ඔලුව දාගන්න බලන්නේ... ? ඡන්දෙ කිට්ටුකරලා සජී පුතා සහ එයාගේ කල්ලියත් ආපසු ගනියි. උන්නු තනතුරු වලටම අර මහත්තයා චක්ගුඩු පැනලා ආපසු ආවා වගේ... ලාඩම් ගහගත්තු අපේ අය හුරේ දාලා බලන් ඉන්නවා අප්පුඩි තල තල...
ඉන්නකොට වගකීම් පැහැරහැරිය කෙනෙක් අයෙත් ගියා කියලා මොන අලගෙඩියක් බලාපොරොත්තු වෙන්නද?