IMG-LOGO

පාර්ලිමේන්තුවේ සියලු කටයුතු 07 වැනිදා තෙක් නවතී

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තු සංකීර්ණයේ සියලුම කාර්යාල ලබන (7)වැනිදා දක්වා වසා දමා ඇතැයි එහි නිලධාරීහු පවසති .

රටපුරා සංචරණ සීමා ලබන 7 වැනිදා දක්වා ක්‍රියාත්මක වන හෙයින් එතෙක් සේවයට පැමිණීම අවශ්‍ය නොවන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා එහි සේවකයන්ට දැනුම් දී ඇත .

මේ අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේ මේ දිනවල සේවයේ යෙදී සිටින්නේ එහි ආරක්ෂාවට සිටින පොලිස් හා හමුදා නිලධාරීන් පමණකි .

මේ අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ කතානායක කාර්යාලය හා නියෝජ්‍ය මහලේකම් කාර්යාලය ඇතුළු කාර්යාල කිහිපයකින් කොවිඩ් ආසාදිතයන් කිහිප දෙනෙකු හමුවීම නිසා එම කාර්යාලවල සේවක සේවිකාවෝ පිරිසක් පසුගිය දිනවල නිරෝධායනයට යොමු කෙරුණහ.

පාර්ලිමේන්තුව ලබන 8 වැනිදා නැවත රැස්වීමට නියමිතය . මේ සම්බන්ධයෙන් අවසාන තීරණය ගැනීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් ලබන 7වැනිදා පෙරවරු 9.30ට පැවැත්වෙන බව එහි නියෝජ්‍ය මහලේකම් නීතිඥ කුෂාණී රෝහණදීර මහත්මිය පැවැසුවාය.

 



අදහස් (5)

පාර්ලිමේන්තුවේ සියලු කටයුතු 07 වැනිදා තෙක් නවතී

srilanka Tuesday, 01 June 2021 06:45 AM

ඕක සදාකාලෙටම වහන්න. ඒක හොඳයි රටට. අවුරුදු 72ක් කළ හරිය ඇති...

:       1       8

Viraj Gamanpila Tuesday, 01 June 2021 07:05 AM

බැරිද ඕක හැමදාටම වහල දාන්න .....

:       0       0

Rata Perata Tuesday, 01 June 2021 09:59 AM

20වැනි සංශෝධනය සම්මත කළ දවසේ ඉඳලා ඕක කොහොමත් වැහුවා වගේ තමයි. දැන් ඔතන අපේ සල්ලි වලින් එක එකට මඩගහගන්න තැනක් විතරයි.

:       0       5

Sri Lanka Tuesday, 01 June 2021 10:54 AM

ඇති යාන්තන් වැහුවා... රට කන තැන..

:       0       4

Siri Wednesday, 02 June 2021 04:21 AM

ඕක ඇරියයි කියලා රටට වැඩක් තියෙනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 220 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 557 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site