(අතුල බණ්ඩාර සහ පැතුම් දර්ශන)
එක්සත් ජාතික පක්ෂයට පාලන බලය හිමි හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම අද පෙරවරුවේ පැවැති අවස්ථාවේ එහි විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනකු තමන්ට පහරදුන් බවට පැමිණිල්ලක් කරමින් එම ප්‍රාදේශීය සභාවේ සභාපති චාරුක උදයංග විජේරත්න මහතා ප්‍රතිකාර සඳහා රෝහල් ගතවී ඇතැයි හොරොව්පොතාන පොලිසිය පවසයි.
සභාපත්වරයා පැමිණිළි කිරීමෙන් පසු ඔහුට පහරදුන් බව කියන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනාගෙන් දෙදෙනකු ද සභාපතිවරයා පහරදුන් බවට පැමිණිලි කර ඉන් එක මන්ත්‍රීවරයකු ප්‍රතිකාර සඳහා හොරොව්පොතාන රෝහලට ඇතුළත්වූ බවද පොලිසිය කියයි.
නිලන්ත හෙට්ටිආරච්චි සහ අසේල සඳරුවන් මඩපාත යන පොලිසියට පැමිණිලි කළ මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් රෝහල් ගතවී ඇත්තේ නිලන්ත හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තරම් රටේ ප්‍රශ්න තියෙද්දී රටට විහිළු සපයන්න එපා. සියලු පක්ෂවලින් නියෝජිතයින් යවලා තියෙන්නේ ගුටි කෙළගන්න බැරි නිසා. සාකච්ඡාවෙන් ප්‍රශ්න විසඳන එකයි, ප්‍රජාතන්ත්‍රවාදයේ හරය මේ අය විනය පරීක්ෂණය තියලා ඉවත් කරන්න.