(ඉන්දිකා රාමනායක)
රුපියල් කෝටි 1 1/2 ට අධික වටිනා කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙක් මෙගොඩ කොලොන්නාව ප්‍රදේශයේ නිවසකින් අද (1) අලුයම විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ භට කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
එම නිවසේ තිබී කේරළ ගංජා කිලෝ 130ට තොගයක් තිබූ බව විශේෂ කාර්ය බලකාය පවසයි .
සැකකරු දෙමටගොඩ වේළුවන පාර පදිංචි පුද්ගලයෙකි .
අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගය, සහ සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා වැල්ලම්පිටිය පොලිසියට බාර දී ඇත .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්සැලක් දෙන්නයිලු මේවා ගෙනාවේ.. අනේ මන්දා..?
සොබාදහමින් අපිට ගොඩයන්න දීප, විෂ නැතිව හැදෙන අපේ පොළවේ සල්ලි ගහ.. සුද්දා ගහපු උප්පරවැට්ටිය සිගරට් විකුණගන්න තවම බැරිවුණා අපේ අයට අයින් කරගන්න. ඊළඟ පාර සුද්දෙක් පොදු අපේක්ෂක කරලා ඔය නීතිය වෙනස් කර ගනිමු.