(ඉන්දිකා රාමනායක )
පර්ල් එක්ස්ප්‍රස් නෞකාවේ ගින්න සහ එමගින් සිදු වු පරිසර හානිය සම්බන්ධයෙන් නැවේ කාර්ය මණ්ඩලයේ කපිතාන්වරයා ඇතුළු 25 දෙනෙකුගෙන් හෙට දිනයේ ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.
මෙම කාර්ය මණ්ඩලය දැනට නිරෝධායනය සඳහා යොමු කර ඇති බවත් ,ඔවුන්ගේ නිරෝධායනය කාලය හෙට දිනයෙන් අවසන් වීමට නියමිත හෙයින් හෙට දිනයේ මෙම ප්‍රශ්න කිරීම් ආරම්භ කරන බව අජිත් රෝහණ මහතා කීය.
නෞකාවේ ගින්නෙන් පරිසරයට හා සමුද්‍රයට හානි සිදුව ඇති බව ට සමුද්‍රිය පරිසර අධිකාරිය පොලිසියට ඉකුත් 23 වැනි දින කළ පැමිණිල්ලකට අදාළව පොලීසිය මෙම පරීක්ෂණය ආරම්භ කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කොයිදේටත් උපදෙස් දෙනවා නොවෙයි. රටක් පාලනය කරනා දේ හොඳ බුද්ධියකින් කළ යුතුමයි. නොඑසේ නම්, රට වැනසෙනවා. කිව්වට අමනාප වෙන්න එපා. මේ ප්‍රශ්න කිරීම නැව නවතා තිබෙන වෙලේ කරානම්,... කොතරම් වටිනවාද? අන්න ඒ නිසා තමයි රාජ්‍ය පාලනයේදී හොඳ බුද්ධියක් ඇතිව රට පාලනය කරන්නට ඕනෑ කියන්නේ. මෙය සියළු පක්ෂ සඳහා පොදු දෙයක්. ගිය නුවණ ඇතුන් ලවාවත්, අද්දවන්නට බැහැයි කියන්නට ඇත්තේ මෙන්න මේ වගේ අවස්ථාවන් වලදී වෙන්නට ඇති.