(සුජිත් හේවාජුලිගේ )
වරාය නගර ව්‍යාපෘතියට සමගාමීව කොළඹ කොටුව ප්‍රදේශයේ අක්කර දෙසීයක තවත් විශාල භූමි ප්‍රදේශයක් විදේශයට විකිණීමට රජය සැලසුම් කර ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා චෝදනා කරයි
ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් පවා දැනටමත් අනුමත කරගෙන ඇතැයිද ඔහු සඳහන් කරයි.
මෙම කැබිනට් පත්‍රිකාව අනුව රජය විකිණීමට සැලසුම් කර ඇත්තේ කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශය පිහිටි ඉඩම, ගෆූර් ගොඩනැගිල්ල පිහිටි ඉඩම ,ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය ඇති ඉඩම,මධ්‍යම තැපැල් මධ්‍යස්ථානය පිහිටි ඉඩම සීනෝර් හා නෙළුම් කුළුණ ආසන්න ඉඩම, හිල්ටන් හෝටලය හා ක්‍රීඩා සංකීර්ණය පිහිටි ඉඩම යනාදී භූමි ප්‍රදේශ බවද අලවතුවල මහතා කියයි
රට ජාතිය ගැන කතා කරමින් බලයට පැමිණි රජය දැන් කටයුතු කරගෙන යන්නේ වෙනත් ආකාරයකට යැයි පැවසූ මන්ත්‍රීවරයා රජය සියලු දේ විකුණමින් සිටින බවටද ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතාව සත්‍යයක්ද? එය එසේ නම්, අපගේ රටට සිදුවෙන මේ නස්පැත්තිය දේශපාලන වසංගතයක් නේද?
දැන් ඉඩම් විකුණන්න බෑ. බදු දෙන්න විතරයි පුලුවන්. කලිනුත් එහෙම බදු දීපු නිසා තමා හිල්ටන්, (WTC) ලෝක වෙලඳ මධ්යතානය, ශැන්ග්‍රිලා, වන් ගෝල් ෆේස්, ආදිය හැදුනෙ. ඒවා නැත්නම් කොලබ ඕවා තමා නිකම් පොඩි ගොඩනැගිලි තියන පොඩි නගරයක්. ඕවට ආයෝජන කරන්න ලංකාවේ සමාගම් වලට සල්ලි නෑ. අපේ අය ෆොටෝ බලලා ලස්සනයි කියන සිංගප්පූරුව වගේ රටවලත් නගර සෑහෙන හැදිලි තියෙන්නේ විදේශ ආයෝජන නිසා. WTC ආදිය තියෙන එචලන් චත්‍රරශයේ තමා කලින් ආරක්ෂක අමාත්‍යාංශය හා හමුදා කඳවුරු තිබුනේ.
ලංකාවේ භාණ්ඩාගාරය දැන් අධික ණය බරකින් තියෙන්නේ... රටේ තියන දේපළ විකුණලා තමයි ඔය ණය ගෙවන්න වෙන්නේ... කරන්න දෙයක් නැහැ. අවසානයේදී මුළු ලංකාවම වුණත් දෙන්න වෙයි. පාලකයින්ටත් ගැටලුවක් නැහැ. ඒ ගොල්ලන්ට කොමිස් ගාණට ලැබෙනවා.
එහෙම වෙන්නේ කොහොමද? හමුදා මූලස්ථානය විකුණුවා දැනන් හිටියේ නැද්ද? ඊට යාබද ඉඩම... එතකොට නඩු වැටෙන වැටෙන පාරට සිංගප්පූරු දුවපු හැටි අමතක වෙලා මහා පුටුවේම ඉන්දුවේ හොරෙක්. දන්නේ හොරා කන්නයි, විකුණං කන්නයි හදන්නේ...
මේ කතාව ඇත්තක් නම් අපි එයට විරුද්ධව අඅනිවාර්යයෙන්ම පෙලගැසිය යුතුයි. එහෙත් එදා කිසිම ලැජ්ජාවක් නැතුව වෙන රජයකින් හදපු වරායක් සහිත අක්කර 20000ක් විකුණා චෙක් එක පෙන්නා සිනාවුනු පිරිසගේ කිඹුල් කඳුලු ගැන නම් අප දන්නවානේ...
සමහරවිට බංග්ලාදේශයට දෙන්න හිතාගෙන ඉන්නවද දන්නෑ. ගත්ත ණයවලට හරියන්න. ලොවෙන් එකක් ගිඟන රටක්. රෙස්පෙක්ට් සර්....
රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ වටිනා කියන දේ විකිණිය යුතුයි.. රටේ අමන දනන් කෑගැසුවත් හතරවටේ ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ...
දැන් අපි කඩේ මුදලාලිගෙන් ණයට කාපු වැන්දඹුව වගේ මුදලාලි කියන කියන දේට කැමැති වෙන්නම වෙනවා. අපි ණය උගුලේ හිරවෙලා අවසානයි. අත්‍යාවශ්‍ය නොවන තොරොම්බල් වැඩ වලට ගත්තු ණය ගෙවන්න සියලු දේ තුට්ටුවට විකුණන්න වෙනවා. කොහොමත් චීනා අපේ රට මකරෙක් වගේ ගිලිනවා. ඉතා කෙටි කාලෙකින් ඒක අපිට තියා ඇමෙරිකාවටවත් නවතන්න බැහැ. චීන උපාය මාර්ග කුඩා රාජ්‍යයන් සියල්ල ආර්ථික ග්‍රහණයට නතුකර ගැනීම ... ඕක උම්මග්ග ජාතකයේ තිබෙන ක්‍රමයට යන්නේ...!!!
අපේ ඉඩම් විකුණලා මේ අය බලය නැති කාලෙට රටින් පැනලා යාවි.. ඇයි මේ අය මෙවන් දෙයක් කරන්නේ. මොවුන්ගේ දේශප්‍රේමය මේකද? ඇයි අපේ රටේ ජනතාව මහ පාරට බහින්නේ නැත්තේ..? මේක මහා අපරාධයක්...!!!
හම්බන්තොට වරාය විකුණලා පටන්ගත්ත විකිනිල්ල මේ දිගටම යන්නේ
පවුල් පාලනේ උදවිය නඩත්තු කරන එකත් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයිනේ. ගෝඨා කියපු සෞභාග්‍යයේ දැක්ම මේ වෙන්න ඇති...
තමන්ගේ ඉඩම විකුණලා මහපාරට ඇදලා දැම්මත් රාජපක්ෂලාට කඩේ යන කොටසක් ඉන්නවා. එයාලා තවමත් තර්ක කරන්නේ මේ රජය නිවැරදිම තීරණ ගනිමින් සෞභාග්‍යය කරා වේගයෙන් යනවා කියලා...
පළමුවත් මව්බිම දෙවනුවත් මව්බිම
කවුරුකවුරුත් මාරුවෙන් මාරුවට රට විකුනනවා
මේ ඉඩම් අම්මගේ අප්පගේ බූදලේ කියලා හිතුවද දන්නැහැ. මහජනතාවගේ අනුදැනුම මත මේවා සිද්ධ වෙන්න ඕනේ...
එක්සත් ජාතික පාක්ෂිකයෙක් විදියට ඉතාම සතුටු දායක පුවතක්.මේ රටේ ආර්ථිකය ගැන නිවැරදි දර්ශනය තිබුණෙ එජාපයට පමණයි.රටක් ගොඩගන්න පුළුවන් පෞද්ගලික ව්‍යවසායෙන් පමණයි.චීනෙ වුණත් බිස්නස් කරන්නෙ පෞද්ගලික ව්‍යවසායකයො.දේශප්‍රේමීන්ගෙ පපුවට ගහගෙන සෙල්ලම් කරපු වෙලාව ඉවරයි.මේක රනිල් 2002 යළි පුබුදමු ශ්‍රී ලංකා එකෙන් කරන්න හදපු ආර්ථික හැරවුම.නමුත් එදා දේශහිතෛශීන් ඒක කරන්න දුන්නෙ නෑ.මේ වෙද්දි දේශප්‍රේමීන් තමන්ට කරන්න පුළුවන් දේකුත් නෑ කියල තමන්ම තේරුම් අරගෙන.ඒ ආර්ථික පිපිරීම ආර්ථික හැරවුම මේ ඊනියා වාමාංශික දේශප්‍රේමීන්ගේ අතින්ම තමයි වෙන්න ඕන. නැතුව එජාපයට කවදාවත් ආර්ථික විප්ලව කරන්න මේ ගොල්ලො ඉඩ දෙන්නෙ නෑ.සිංගප්පූරු වෙළඳ ගිවිසුම නවත්තන්න පොළොවෙ හැපුණු මිනිස්සු අද කෝ?එජාපය මීට දශක ගණනාවකට පෙර කියූ දේවල් වලට කුහකත්වයෙන් පහර දීමේ ප්‍රතිවිපාක අප ගෙවමින් ඇත.කකුලෙන් අදින්නෙ නැතුව වරාය නගර ව්‍යාපෘතියවත් කරන්න ඉඩදෙන්න.
රාජපක්ෂලා රට කොල්ල කනකොට හැමෝම නිහඬයි.
උපුටාගැනිමකි."කැළනිය-අතුරුගිරිය කිලෝමීටර් දාහතක අධිවේගී මාර්ගය ඉදිකිරීමේ ඇමරිකානු ඩොලර් බිලියනයක් වටිනා කොන්ත්‍රාත්තුව China Harbour Engineering Corporationට ලබා දී තිබේ.රාජපක්ෂ රජය යුධ හමුදා මූලස්ථානය සින්නක්කරව චීනයට විකුණූ ආකාරයට ම ගුවන් හමුදා මූලස්ථානය භූමිය සහ තිඹිරිගස්යාය පොලිස් මූලස්ථානය, කොම්පඤ්ඤ වීදිය පොලීසිය, පොලිස් ක්‍රීඩාංගණය,පොලිස් නිවාස සංකීර්ණය; ගුවන් හමුදා කඳවුර; ගුවන් හමුදා ක්‍රීඩාංගණය, සිනමන් ලේක් සයිඩ් කොළඹ, යුධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු මූලස්ථානය; ග්‍රෑන්ඩ් ඔරියන්ටල් ගොඩනැගිල්ල; ගෆූර් ගොඩනැගිල්ල; යෝර්ක් වීදියේ රජයට අයත් ගොඩනැගිලි; විදේශ අමාත්‍යංශය; තැපැල් දෙපාර්තමේන්තු මූලස්ථානය; චැතම් වීදියේ FICD මූලස්ථාන ගොඩනැගිල්ල (එය මේ වන විටත් CHEC Port City (Pvt) Ltd චීන සමාගම විසින් අත්පත් කරගෙන ඇත); හිල්ටන් හෝටලය සහ නිවාස; හයාත් හෝටලය සහ නිවාස, සහ වෝටර්ස් එජ් හෝටලය සහ ඊට යාබද අක්කර 200 පමණ භූමි භාගය මෙසේ චීනයට විකිණීමට පිඹුරුපත් සකස් කරන්නේ කොළඹ නගරයේ ඉහළම වටිනාකමින් යුතු ඉඩම්ය." උපුටාගැනීම අවසන්.
විකුණන්න යනවා නෙවෙයි විකුනලා ඉවරයි