රජය මගින් පනවා තිබෙන සංචරණ හා අනෙකුත් සීමා කොරෝනා වසංගතය පාලනය කළ හැකි මට්ටමකට පැමිණෙන තෙක් තවදුරටත් පවත්වාගෙන යා යුතු යැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයට යෝජනා කරයි.
රජය මගින් පනවා ඇති සීමා නිසා තමන්ගේ එදිනෙදා කටයුතුවලට කොරතම් බලපෑම් කළ ද බහුතර ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ඒවාට උපේක්ෂාවෙන් මුහුණදිමට ජනතාව කටයුතු කළයුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පවසයි.
කොරෝනා වසංගතය සීග්‍ර ලෙස වැඩිවුවහොත් පුද්ගල මරණ සංඛ්‍යාව වැඩිවිය හැකි අතර සෞඛ්‍ය අංශද අඩපණ විය හැකි බව ද ලක්කුමාර් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
කොරෝනා පාලනය කර රට නැවත යථා තත්ත්වයට පත් කිරීමට සියලු දෙනා පොදු අරමුණකින් කටයුතු කළ යුතු බව ද හෙතෙම පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩයන් විසින් පාලනය කරන්න රටක දොස්තරවරුන් මොනවා කරන්නද? මෙඩිකල් කන්සල්ටන්ට් නාමල් කුමාරයා නේ දැන් තීරණ ගන්නේ. රට බල්ලන්ට ගියාම ඔහොම තමයි. කාදිනල්තුමනි, මේ මෝඩයන්ට දෙන්න බෙහෙතක් දෙවියන්ගෙන්වත් ඉල්ලා සිටින්න.
එදා වෙලක් හම්බකරන් ජිවත් වන අපි පව් .රස්සාවක් නැහැ සතියේ ගෙදර.
වෛද්‍ය විද්‍යාවේ 'අ' යන්න හෝ නොදන්නා අනුවණ දේශපාලුවන් හා උදේ හවස ඒ අයගේ අනුවණ බස් ජනතාවට දෙසන හා ක්‍රියාවේ යොදවන එහෙයියන් ඒ දිනවල වෛද්‍ය මතය තඹ දොයිතුවකට මායිම් නොකළ හැටි මේ රටේ කාටත් හොඳහැටි මතකයි.තමන්ට හිතෙන හිතෙන හැටියට සංචරක සීමා දැම්මේ දේශපාලකයන් වෛද්‍ය විද්‍යාවේ කෙල පැමිණි ඇත්තන් වගේ. ඒකෙන් වුනේ මේ රටට විනේ කැටපු එක තමයි.ඒත්,ඒ ගැන වගේ වගක් නැතිව තමයි දැන් වැඩ කරන්නේ. අණුවනයන්ගේ වරදට පරිප්පු කන්න වෙලා තියෙන්නේ රටේ ජනතාවට.
මේකට තමයි ආඳා යවා වලපත ගන්නවා කියන්නේ... මුලින්ම මම තමයි පොර කියලා හිතාගෙන උද්දච්චකමට තීරණ ගත්තේ නැහැ වැඩේ ඇනුණාට පස්සේ වෛද්‍යවරු කිව්ව හින්දා කරගන්න දෙයක් නැතිම හින්දා කියලා සංචරණ සීමා දැම්මා... දමලා ගාර්මන්ට්, කම්හල් ඇරියා.. මොකද හාම්පුතුන් සතුටු කරන්න එපායෑ. දැන් ඒවා ආශ්‍රිතව පොකුරු බිහිවෙනවා. බොරුවට පාරවල් වහගෙන, කඩවල් වහගෙන ඉන්නවා. දැන් අර ඕකේ ඉන්න මෝඩ හැකරයින් ටික කියාවි ඔන්න වහන්න කිව්වා... අපි වැහුවා. කෝ අඩු වුණාද කියලා..? අනේ මෙහෙමත් ගොබ්බයින් ටිකක් !!
සංචරණ සීමා පවතින කාලය තුළදී එන්නත් දෙකම ලබාගෙන ලංකාවට එන විදේශගත ශ්‍රමිකයන් පළමු PCR එක නෙගටිව් නම් ගෙදර යවන්න පුළුවන් නේද? මේ දවස්වල එලියට යන්න බැරි හින්ද ආරක්ෂාවක් තියෙනවනේ. එහෙම නොකරන්නේ ඇයි?
ඒක ඇත්තටම හොඳ අදහසක්... ගොඩක් හොඳයි...
ගෙවල්වල ඉන්න බල්ලෝ පූසෝ හැර අනෙකුත් හැමෝම එන්නත් කරන්නේ නැතුව අවදානම් කාණ්ඩය වන වයස 60 න් ඉහළ අයට පලමුව එන්නත දෙන්න. අඩුම ගානේ මැරෙන ගාන අඩු කරගන්න පුළුවන්
විශේෂඥ වෛද්‍යතුමනි. සංචරණ සීමා පැනවීම තුළින් පමණක් ප්‍රශ්නය විහිදෙන්නේ නෑ. එහෙම නම් පළමු වටයේ දී මාස තුනක් ඇඳිරිය පැනෙව්වා නේද?. හරි ගියාද?. සියළු දේවල් සැලසුම් සහගත ලෙස සිදුකළ යුතුයි. ඵමනිසා සම්පූර්ණ සැලැස්ම සකස් කර රජයට ඉදිරිපත් කරන්න. එය කාල වකවානු සහිත විය යුතුයි. මුදල් නොමැතිකම ගැන හිතන්න එපා. සැලසුම් අරගෙන ආධාර සොයා ගැනීමට හැකියි.
දොස්තර මහත්වරු කිසිම දේශපාලනයකට කඩේ ගිය උගත්තු නෙවෙයි... එසේ වුවත් අද එම වෘත්තීය සමිති වලට කෙළින් කතා කරන කොන්දක් නැතිවෙලා තියෙනවා. එවන් කාලෙක මෙවන් සැබෑම වෛද්‍ය වෘත්තීකයන් අගේ කළ යුතුය.
මෙයාලා කියයි. එදාවේල හම්බ කරන අපිට විකල්පයක් දෙන්න ආණ්ඩුවට බලකරන්න... ඊට පස්සේ රට වහන්න සතියක් නොවේ මාසයක්...
කොරෝනා කියන්නේ තනිකර බොරුවක් ජාත්‍යන්තර මාෆියාවක්
කල් ඇතුව එන්නත් ඇනවුම් කර ලංකාවට ගෙන්වා..., ඒවා මුළු දිවයිනම ආවරණය වන පරිදි ගමේ ඡන්ද හිමි නාමලේඛනයට අනුව වයස වැඩිම පුද්ගලයින්ගෙන් පටන් අරන්... මීට අමතරව හෘද රෝගීන්, ගැබිනි මව්වරුන් සහ සෞඛ්‍ය සේවකයින්, බස් කොන්දොස්තර, රියදුරු වැනි පිළිවෙළකට නාම ලේඛනයක් සකස්කර එන්නත් විදින දිනවල ඔවුන් කාණ්ඩ වශයෙන් ගෙන්වා දුරස්ථභාවය ආරක්ෂා කරගෙන එන්නත් කරන්නේ නැතිව, මිනිස්සු උදේ 4 සිට පෝලිම් ගස්සවා චිට් එකට එන්නත් විදීම වැනි ක්‍රමවලට එන්නත් ගැසීමෙන් රෝග පැතිරීම වැළකිය නොහැක. කොරෝනා සාධක බලකායේ ලොක්කා සෞඛ්‍ය අංශය පිළිබඳව කිසිම දැනුමක් නොමැති අවුරුදු 70ක් පමණ පුද්ගලයෙකි. නන්දසේන මහත්තයෝ ඔබ ෆේල්...