ජනතා බදු මුදල් භාවිත කරමින්, පවුලේ සාමාජිකයන් සමඟ උදෑසන ආහාර ලබා ගත් බවට ෆින්ලන්ත අගමැතිනී සන්නා මරීන්ට චෝදනා එල්ල වී ඇත. එම චෝදනා සම්බන්ධයෙන් මේ වනවිට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
35 හැවිරිදි අගමැතිනිය මාසක් පුරා සිය පවුලේ අය සමඟ, අග්‍රාමාත්‍ය නිල නිවසේ (කෙසරෙන්ටා මන්දිරයේ) උදේ ආහාර ලබා ගෙන ඇත්තේ ජනතා බදු මුදලින් යැයි අනාවරණය කළේ ෆින්ලන්තයේ 'එැල්ටෝලැටි' නමැති ටැබ්ලොයිඩ් සඟරාවය.
'එැල්ටෝලැටි' සඟරාවට අනුව, අගමැතිනිය මාසයක කාලයක් උදෑසන ආහාර සඳහා වියදම් කර ඇති මුදල යූරෝ 300 (රුපියල් 72,431 ක් පමණ) කි. 'එැල්ටෝලැටි' සඟරාව එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් ෆින්ලන්ත පොලිසිය විමර්ශන ආරම්භ කළේ පසුගිය සිකුරාදා (28) ය.
නීති විශාරදයන් පෙන්වා දී ඇත්තේ බදු ගෙවන්නන්ගේ මුදල් මෙසේ අගමැතිනියගේ ආහාර සඳහා වැය කිරීම සම්පූර්ණයෙන් ම නීති විරෝධි බවය.
වරදක් සිදුවුණු බව ඔප්පු වුවහොත් අගමැතිනියට මෙම මුදල යළි රජයට ගෙවීම අනිවාර්යය වන අතර, ඇයට නියම වන දඩුවම නඩු විභාගයකදී තීරණය වනු ඇතැයි ෆින්ලන්ත නීති විශාරදයෝ වැඩි දුරටත් පැහැදිලි කරති.
සන්නා මරීන් නියෝජනය කරන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි. ඇය අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ 2019 දෙසැම්බරයේය. මරීන් විවාහ වූයේ 2020 දීය. ඇයට සිඟිති දියණියක ද සිටී. පක්ෂ නායකත්වය හිමිකර ගනිමින්, අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමට පෙර, ප්‍රවාහන සහ ජන සන්නිවේදන ඇමැතිවරිය ලෙස කටයුතු කළාය.
හෙල්සින්කී නුවරදීය (රොයිටර්/එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්ලන්තේ මිනිස්සුන්ට පිස්සුද, එන්නකෝ මෙහේ .. හත්මුතු පරම්පරාවක් එක්ක රටම කලා .. කිසි ලෙඩක් නෑ
ඔන්න ඕක තමයි සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර වෙනස...
අනේ ඕවා මොනවද? සිරි ලංකාවේ 225ක් ඉන්නවා.. ඔවුන්ගේ හත්මුතු පරම්පරාව තුන්වේලම කන්නේ මහජන මුදලින්...
ඉන්න හිතෙන රටවල්.. අපි වගේ රටකට කවදාවත් ළඟා කරගත නොහැකි සමාජ, දේශපාලන සංස්කෘතියක් තිබෙන රටවල්... අපේ රටේ දේශපාලකයින් රටේ සල්ලිවලින් තුන් වේලටම කනවා. රටේ මහ පොළවත් හූරාගෙන කාලා, රට වටේ තියෙන මහ මුහුදත් උරා බොනවා..!
අපේ අයට නම් කමෙන්ට් එකක් දැමීමට තරම්වත් වැදගත් නැහැ වගේ...
ලංකාවේ නම මේවගේ කේස් එලියට එනනේ විපක්ෂය ඉන්නකොට හරි ඡන්දයකින් පැරදුනාම හරි තමා ඉතින්
ඒ ඉතින් පින්ලන්තෙනේ. එංගලන්තයේ අගමැතිටත් එයාගේ නිල නිවාසයේ කාමරයක් අලුත්වැඩියා කරගත්තා කියලා ලොකු ලෙඩක් වැටිලා. නවසීලන්තයේ අගමැතිණිය සහ සියලුම මන්ත්‍රීවරුන් කෝවිඩ් වසංගතය නිසා ඔවුන්ගේ පඩිය අඩු කරගෙන... අපේ රටේ මන්ත්‍රීවරයෙකුට ලක්ෂ හතර හමාරකින්, නියෝජ්‍ය ඇමති කෙනෙකුට ලක්ෂ පහ හමාරකින්, ඇමති සහ රාජ්‍ය ඇමති කෙනෙකුට ලක්ෂ හයකින් පඩිය වැඩිකරන්නත් මාස හතක හිඟ වැටුප් ගෙවන්නත් අනුමත කරගෙන කියලා පත්තරේ තිබුණා. එ් විතරක්ද කෝවිඩ් මර්ධනයට නැති සල්ලිවලින් මන්ත්‍රීන්ට සැප වාහන ගෙන්වන්න අනුමැතිය ලබාගෙන. විපක්ෂයේ මන්ත්‍රීන් අතරෙන් දෙන්නෙක් විතරයි ඊට විරුද්ධ වෙලා තියෙන්නේ. අපේ රට ගැන නම් කතාකරන එකත් කාලය කා දැමීමක්...
ඕවා මොනවද? අපි සොහොනකුත් හැදුවේ...
අපරාදේ ෆින්ලන්ත අගමැතිනියට අපේ අගමැතිතුමාගෙන් තුන්වේල විතරක් නෙමෙයි මතු උපදින පරම්පරාවටත් හරියන්න කන හැටි ඉගෙන ගන්න තිබ්බා.
මෙහෙ කට්ටිය කන්නේ නැව් පිටින්... ඕක මොකක්ද?
අපේ රට වගේම තවත් රටක්..., අපේ අයත් බදු මුදල් වලින් එක කහට කෝප්පයක්වත් බොන්නේ නැහැනේ... මම හිතන්නේ එහෙම කාලා බිලා මෙහෙ කවුරුත් අහුවුණේම නැහැනේ..
ෆින්ලන්තයේ එහෙම වුණාට, පිංලන්තයේ එහෙම නෑ...
ලංකාවේ අය 03 වේලම කන්නේ අපේ සල්ලිවලින්... ඒත් කිසිම අවුලක් නැහැ...
සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලදී.
අපරාදේ කියන්න බැහැ. ලංකාවේ නම් ඔය වගේ දේශපාලඥයින් නැහැ.. මෙහෙ ඉන්න අය දාඩිය මහන්සියෙන් උපයාගන්නා මුදලින් තමයි තුන්වේලම යැපෙන්නේ... ඒක හින්දා මෙහෙ නම් දේශපාලකයන්ට විරුද්ධව කෑම සම්බන්ධව කිසිම පරීක්ෂණයක් කරන්න ඕනෑ නැහැ.
මාව කරකවලා ඇතෑරියා වගේ බොල. අපේ 225යි, ඔවුන්ගේ කුටුම්බියයි සේරම රජ බොජුන් වළඳන්නේ ජනතා බදු මුදල් වලින්නේ...
ඒ අතින් අපි නම් හරිම වාසනාවන්තයි.. අපේ එක සතයක්වත් දේශපාලුවන් ආහාරයට නොගනිති..
මැති ඇමතිවරු තම හිතවතුන්ගේ සමාගම්වලට රජයේ කොන්ත්‍රාත්තු බාරදී හැමදා ඔවුන්ගෙන් යැපෙන දේශපාලන වහලුන් නඩත්තු කිරීම ඉතිහාසය පුරා හිරිකිතයක් නැතිව සිදුවී ඇති රටක, නොදියුණු මනසක් ඇති බොහෝ දෙනා මේ විදියට අනුන්ගේ දේ නුදුටු මොහොතක පොකට්ටුවට දාගැනීම සාමාන්‍යකරණය කර ඇත. ශිෂ්ඨාචාරය යනු කුමක්දැයි නොදන්නා අපේ අය, දියුණු රටවල අයට මොලේ අමාරුව යැයි සිතන්නට හැකිය...
ඒකට අපේ අය... මැරෙනකම් කන්නේ ජනතාවගේ සල්ලි වලින්...
මේ ආහාරපාන වර්ග උචිත නොවේ..
මේවා දැකලාවත් අපේ රට කාබාසිනියා කරන කාලකණ්ණි රැල එළවන්න පෙළ ගැහෙමු..