(යොහාන් භාසුර)

පුද්ගලයකුට ‘නිරෝධායන නීති’ කඩ කරමින් ගමන්කිරීමට අවස්ථාව ලබාදීමට අල්ලස් මුදල් ලබාගත්තේ යැයි කියන නොරොච්චෝලේ පොලිසියට අනියුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් දෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

නොරොච්චෝලේ ප‍්‍රදේශයේ මාර්ග බාධයකදී මෙම සිද්ධිය සිදුවී ඇති බව වාර්තා වේ.

නොරොච්චෝල කොට්ඨාස උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවේ නොරොච්චෝලේ සහකාර පොලිස් අධිකාරීවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණයක් පවත්වමින් සිටින බවයි.