(සුජිත් හේවාජුලිගේ )
වසංගත සමයේදී සම්පූර්ණ විෂය නිර්දේශයම මාර්ග ගත (online) ක්‍රමය ඔස්සේ ලබාදීම නිසා පාසල් දරුවන් විශාල වශයෙන් විවිධ මානසික පීඩාවන්ට හා පීඩනයන්ට ගොදුරුව ඇති හෙයින් විෂය නිර්දේශ කෙටි කර ලබා දීමට වැඩපිළිවෙළක් යොදන්නැයි තමා අධ්‍යාපන බලධාරීන්ට යෝජනා කරන බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා ලංකාදීපයට පැවැසීය.
තමා ළඟට ප්‍රතිකාර ගැනීමට පැමිණෙන දරුවන්ගේ මානසික තත්වය අධ්‍යනයේදී මෙම පීඩාකාරී ස්වභාවය හොඳින් නිරීක්ෂණය වූ බවද ඔහු ප්‍රකාශ කළේය.
එසේම සමහර දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය ලැබීමට පහසුකම් නොතිබීම සහ තවත් සමහර දරුවන්ට ජංගම දුරකථන පහසුකම් තිබුණද ප්‍රමාණවත් පරිදි දුරකථන සංඥා (සිග්නල්) නොලැබීම නිසාද විවිධ මානසික පීඩා ඇති වී තිබෙන බව පෙනී යන්නේ යැයි රූබන් මහතා ප්‍රකාශ කළේය .
මේ අතර කොරෝනා වසංගත තත්වය සමග ලෙඩ රෝග ගැන වැඩි වැඩියෙන් සිතීම නිසා බොහෝ වැඩිහිටි පිරිසක් "කාංසාව"වැනි මානසික තත්වයන්ට ගොදුරුව සිටින බව කී විශේෂඥ මනෝ වෛද්‍යවරයා වසංගතය පවතිද්දී රැකියාවන්හි නිරත වීමට සිදුවීම නිසාද සමහරුන් මානසික ව්‍යාධීන්ට ගොදුරුව සිටින්නේ යැයි පැවැසුවේය .
සෞඛ්‍ය සේවයේ විශාල පිරිසක් අධික වැඩ සහිත බව නිසාද සංචාරක ඇතුළු විවිධ ක්ෂේත්‍රවල පිරිසක් කොරෝනා වසංගතයත් සමග මතුවී ඇති ආර්ථික ප්‍රශ්න හේතුවෙන්ද විවිධ මානසික ගැටලුවලට මුහුණ දී සිටින බව රූබි රූබන් මහතා ප්‍රකාශ කළේය .
කොරෝනා වසංගතයත් සමගම මෙරට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් විවිධ මානසික ගැටලුවලට හා ව්‍යාධීන්ට ගොදුරුව ඇති බව අනුමාන කළ හැකි යැයිද ඔහු කීවේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා සමාගමේ එක අරමුණක් තමයි මුළු ලෝකයම ඔන්ලයින් කරණයට පත්කිරීම... එමගින් ඔවුන්ට විශාල මුදල් ප්‍රමාණයක් ලැබෙනවා අන්තර්ජාල ආයතන හරහා.. අනිත් එක බටහිර බෙහෙත් වෙලඳාම..
අද නිවසක රූපවාහිනී යන්ත්‍රයක් නැති ගෙයක් හොයාගන්න නැතිතරම්... හැමෝටම පෙනෙන නාලිකා 10ක් විතර තියෙනවා. මේ නාලිකාවක පැය 5 ගානේ එක් වසරකට විෂයයන් 8 ඉගැන්වීම් කළා නම් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ ළමයින්ගේ ප්‍රශ්නය විසඳන්න තිබුණා...
මාර්ගගත ඉගැන්වීම් ක්‍රමය පාසල් අධ්‍යාපනයට දිගු කාලීනව සාර්ථක නැහැ. අනික දරුවන් දෙතුන් දෙනෙකු සිටින සාමාන්‍ය පවුලකට එය දරාගන්න අපහසුයි. ඒ කෙසේවෙතත් දැන් පවතින විෂයමාලා දරුවන්ට ඉතා වෙසෙහකරයි. ඒවා කෙටි කිරීම පමණක් සාර්ථක ක්‍රමයක් නොවෙයි. මීට වඩා දරුවන්ට නිදහස් ලිහිල් අධ්‍යාපන ක්‍රමයක් සකසා ගැනීමයි ඉතා සුදුසු... ඒ සඳහා ඉතා හොඳ අවස්ථාවත් මේකයි.
අපෝ ඔව්, ෆෝන් තීරයක් දිහා දවසම බලන් ඉන්න වෙනවා.. ඒ මදිවාට කාමරයක් අස්සේ හිරවෙලා දවසම... අපිට නම් ඔන්ලයින් එපා වෙලා... විෂය නිර්දේශය සංශෝධනය කිරීම නම් ඉතාමත් කාලෝචිත යෝජනාවක්... නැත්නම් මානසික ලෙඩ්ඩු ටිකක් කියලා තමයි ළමා ජනගහනය අර්ථකථනය කරන්න වෙන්නේ ඉස්සරහට...
කොරෝනා නිසා සාමාන්‍ය මානසික තත්වය පිරිහී ඇති සේම විවිධ මානසික ගැටළු තියෙන අයගේ තත්වය බරපතල වී ඇත.
කොහොමටත් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය යල් පැනපු එකක්. කඩිනම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. විභාග ක්‍රමය ද වෙනස් විය යුතුයි. වත්මන් තත්ත්වය අනුව මේ යන රටාව හරියන්නෙත් නැහැ. නමුත් විෂය නිර්දේශ ආවරණය නොකර ඊළඟ පන්තියට යන්නත් බැහැ. අවුල් ගොඩයි. දැනටත් අවුරුද්දෙන් භාගයක් ඉවරයි. මේ අවුරුද්දට නියමිත විෂය නිර්දේශය සම්පූර්ණ නොකර ඊළඟ අවුරුද්දට යන්න විදියක් නැහැ. ඒ වගේම පාසල් අධ්‍යාපනය තරම් මේ ක්‍රමය සාර්ථකත් නැහැ. හේතුව අපේ අධ්‍යාපන රටාව...