(සුජිත් හේවාජුලිගේ )
ජනතාවගේ සහ විවිධ රැකියා කරන්නන්ගේ පහසුව සඳහා ලබාදුන් යම් යම් සහන සහ විවිධ නීති ලිහිල් කිරීම් යළි සලකා බැලීමට හා සමාලෝචනය කිරීමට සිදුවන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය .
ජනතාවගේ සහ විවිධ රැකියා කරන්නන්ගේ පසුව සඳහා ලබා දී ඇති සහන සහ නීති ලිහිල් කිරීම් අව භාවිතා කරන තත්ත්වයක් පෙනෙන්නට තිබෙන බවත් එලෙස අවභාවිතා කිරීමෙන් වළකින්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය .
එසේ කටයුතු කළහොත් කොවිඩ් පාලනය දුෂ්කර වනු ඇතැයිද යුද හමුදාපති වරයා ප්‍රකාශ කළේය.
බොහෝ දෙනකුගේ හැසිරීම යහපත් වුවද සමහරුන්ගේ හැසිරීම් ඉතාමත් නරක බව පැවසූ ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රධාන මාර්ග කිහිපයක ජනයාගේ තරමක වැඩි වීමක් ඊයේ දක්නට ලැබුණු බවද සඳහන් කළේය .
මේ තත්වය වැළැක්වීම සඳහා අදාළ අංශ සමග සාකච්ඡා කර විධිමත් වැඩපිළිවෙළක් කඩිනමින් හඳුන්වාදීමට කටයුතු කරන බවද ඔහු පැවැසුවේය .
සෞඛ්‍ය නීති අනුගමනය කරමින් නිවෙස්වලටවී කටයුතු කරන සියලු ජනතාවට ස්තුතිය පුද කරන බවත් කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා ජනතාවගෙන් ලැබෙන සහය ඉතා වැදගත් බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය
ශ්රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින්ට ඊශ්‍රායල් රජයෙන් හිමිවන රැකියා අවස්ථා දිනෙන් දින ඉහළ යමින් පවතින අතර පසුගිය මාස හතරේ දී පමණක් 278 දෙනකු සඳහා ඊශ්
මෙවර පළාත් පාලන මැතිවරණයට පානදුර නගර සභාවට තරඟ කරන අපේක්ෂකයෙකු රුපියල් ලක්ෂ 13 කට අධික වටිනා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව අළුබෝමුල්ල පොලිසිය කිය
මහනුවර නගරයේ කච්චේරිය ඉදිරිපිට හරස් වීදීය සහ පදිකවේදිකාව ද සම්පූර්ණයෙන්ම අවහිර වන ලෙස යතුරු පැදි නතර කිරීමෙන් පාදිකයන්ට මෙන්ම වාහන ගමනා ගමනයට මඟක්
අහංගම, ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී ත්‍රිරෝද රියක් දුම්රියක ගැටීමෙන් කාන්තාවක මියගොස් ත්‍රිරෝද රථ රියැදුරා තුවාල ලබා ඇතැයි අහංගම පොල
අනියම් සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් කාන්තාවකගේ දෑත් කපා වෙන් කොට ඝාතනය කළ බව කියන කතරගම ප්‍රදේශීය සභා මුරකරුවකු අත්අඩංගුවට ගත්බව කතරගම ප
මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඡන්ද දායකයන්ට බෙදා දීම සඳහා මන්නාරම අඩම්පන් ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ පැදුරු සහ ඇඳ ඇතිරිලි තොගයක් සොයාගත් බව අඩම්ප
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘‘රැකියාව කරන්න දුන් සහන අවභාවිතා කළොත් ඒ ගැන සිතන්න වෙනවා‘‘
සමිත සේනක අලුත්ගමගේ. Monday, 31 May 2021 10:16 AM
හමුදාපති තුමා, යූ ටියුබ් එකේ ' ඊළාම් වීව් ' යනුවෙන් සඳහන් වීඩියෝ චිත්‍රපටයක් සංසරණය වෙනවා. මෙය බැලීමෙන් ආපසු මේ රටේ භයානක දේවල් වේවිද කියන්න දන්නේ නැහැ. මෙය තහනම් කිරීමට කිසියම් පියවරක් ගෙන තිබේද?
Aruna Monday, 31 May 2021 10:22 AM
ස්තුතියෙන් නීතිගරුක මිනිස්සුන්ගේ කැපවීම බල්ලට දාන්න එපා මහත්තයෝ.. අපි අැර හැමෝම පාරේ - මේක නීති රැක්ක අපට කරපු අපහාසයක්..
fairoos Monday, 31 May 2021 10:58 AM
නීතිය කඩන සුලු පිරිසක් නිසා මුළු ජනතාවම ව කියන්න ඔනි නැ
Sri Lanka Monday, 31 May 2021 11:50 AM
නීතිය ලැබුණා කියලා මිනිස්සුන්ව තලාපෙලා දාන්න එපා... හොයලා බලන්න කවුරුහරි ඔය පාස් මුවාවෙන් කුඩු ඇද්දද කියලා... ඒවාට දඬුවම් දෙන්න.
දිසා....ගම්පහ. Tuesday, 01 June 2021 05:02 AM
මාසයක කාලයක් රට පුරා ඇඳිරි නීතිය පනවා දැඩිව ක්‍රියාත්මක කළොත් පමණක් කොරෝනා ව්‍යාප්තියට විසඳුමක් වේවි. රටේ වැඩි දෙනෙකුට අවශ්‍ය සංචරණ නීති සුරැකීම නොව මුදල් රැස් කිරීම පමණකි. මුදල් රැස් කිරීමට ජීවත්ව සිටිය යුතු නොවේද?
Rata Perata Tuesday, 01 June 2021 06:11 AM
තමනුත් මේක හොඳට හිතට ගත්තොත් හොඳයි.. අපි පඩි, වෙන සහන වගේ දීලා තියෙන ඒවාට අමතරව ඔය තනතුර අවභාවිතා කරන්න එපා.
විපරමා Tuesday, 01 June 2021 06:35 AM
ඇයි ජනතාව විතරක්? සමහර දේශපාලුවන්.., බලපුලුවන්කාරයින් කරන්නෙත් ඔය ටිකමනේ..!!!
ජිමා Tuesday, 01 June 2021 04:01 PM
ගොඩාක් අවභාවිතා වෙනවා. මාත් වාරියපොල ඉඳන් දඹුල්ලට හැමදාම වගේ බයික් එකේ යන්නේ... මොකද අත්‍යාවශ්‍ය සේවාවක නිරතවන නිසා. ලියුම තිබ්බාට එ් වගේ තියෙන නම්බර් වලට කෝල් කරලා බලන එකත් වැදගත්වෙයි ඉස්සරහට...