(ඉන්දිකා රාමනායක)
සහරාන් හෂීම් ගේ අන්තවාදයට ආධාර අනුබල ලබාදුන් සහ ඔහු ඇතුළු පස් දෙනකුට රැකවරණය ලබා දුන් ඔලුවිල් ප්‍රදෙශයේ විවාහ රෙජිස්ටාර්වරයකු අත් අඩංගුවට ගත් බව ත්‍රස්තවාදී ක්‍රියා විමර්ශන කොට්ඨාසය කියයි.
2017 වසරේ දී සහරාන් ඇතුළු පස් දෙනකු කාත්තන්කුඩි අලියාර් ප්‍රදේශයේ දී පිරිසක් සමග ගැටුමක් ඇති කරගෙන ඇති අතර එම පිරිස ඔවුන්ගේ මතයට එරෙහි පිරිසක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.
සහරාන් ඇතුළු පස් දෙනා එම ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔවුන් සැඟව සිට ඇත්තේ ඔලුවිල් ප්‍රදේශයේ ඉහත රෙජිස්විටාර් ගේ නිවසේ බවද හෙතෙම කියයි .
මෙම විවාහ රෙජිස්ටාර් සහරාන් ඇතලු සැකකරුවන් පස් දෙනා ඔහුගේ නිවසේ රඳවාගෙන අන්තවාදය සඳහා ආධාර අනුබල ලබා දීම සිදුකර ඇති බවද පොලිසිය කියයි.
විවාහ රෙජිස්ටාර්ගේ නිවසේ සැඟව සිටි සැකකරුවන් පස් දෙනාගෙන් දෙදෙනෙකු මවුලවීවරුන් වන අතර ඔවුන් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාශය රඳවාගෙන ප්‍රශ්න කරන අතර සහරාන් ඇතුළු සෙසු තිදෙනා පාස්කු ප්‍රහාරයේ බෝම්බ කරුවන් බව ද අජිත් රෝහණ මහතා සඳහන් කරයි .
අත්අඩංගුවට ගත් රෙජිස්ටාර් මඩකලපුව ත්‍රස්ත ක්‍රියා අනු කොට්ඨාසයේ රඳවා සිටින අතර ඔහු කොළඹට රැගෙන ඒමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ ඉන්නා දේශපාලකයන් ඔක්කොම එක වල්ලේ පොල් වගේ තමයි.ඒ අය දඬුවම් දුන්නේ නැහැ,අපි රජයක් පිහිටුවා දඬුවම් දෙනවා යැයි කියා ඡන්දේ ගත්තා.ඒත් දැන් මොනවා හෝ පෙන්න පෙන්නා වැඩේ කල් යවන බවක් තමයි පෙනී යන්නේ.වගකිවයුතු ප්‍රධානියාගේ සිට අත්අඩංගුවට ගෙන නිසි දඬුවම් දෙනවා කිව්වා.
සහරාන්ගේ හැමෝම අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න
මේ විවාහ ලේකම් වරයා, මහ මොලකාරයා වෙන්න බැරිද?
දැන් ඉතින් විවාහ ලේකම්, සහරාන්ට මාලු විකුණපු මිනිහා වගේ බොරු වැඩ කර කර ඉඳීවි ඊළඟ ඡන්දෙ වෙනකම්... මොකද මහ මොලකරුනේ දැන්... රටේ නීති හදන්නේ... ඉතින් කොහොමද නීතිය ක්‍රියාත්මක කරන්නේ?
මෙහෙම ගිහින් කවදා හරි දවසක සහරාන්ගේ ගෙදර හදපු අය උසාවියට ගෙනැල්ලා දඬුවම් කරයිද මන්දා?
මෙහෙම ගියොත් ගේ හදපු බාස් විතරක් නොවේ. සිමෙන්ති විකිණූ අයිතිකරුත් අත්අඩංගුවට ගනීවි...!!
අනේ අපෙ පොලිසියෙ විමර්ශන කියලා වැඩක් නැහැ
අනේ අම්මේ සහරාන් අයියලාගේ ටෙලිනාට්‍යය ආයෙත් පටන් අරන්... කොරෝනා නාට්‍යයත් ඉවර වෙන පාටක් නැහැ මේ කපේට...