(නිමන්ති රණසිංහ)
පනවා ඇති සංචරණ සීමා ලබන ජුනි මස 07 වැනිදායින් පසුව දීර්ඝ කිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී සහ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
පැතිරයන කොවිඞ් 19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ඉකුත් 21 වැනිදා සිට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබූ සංචරණ සීමා ලබන ජුනි මස 07 වැනිදා තෙක් දීර්ඝ කළ ද එතැන් සිට නැවත වරක් එම සීමා දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ද ඔහු සදහන් කළේය.
එම සංචරණ සීමාව තවදුරටත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මේ වන විට විවිධ කටකතා පැතිරෙමින් යන බවත්, එසේ සංචරණ සීමා දීර්ඝ කිරීමක් සම්බන්ධයෙන් තීරණයක් ගනු ලබන්නේ ජනාධිපතිවරයා ප‍්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන්ගෙන් සමන්විත කමිටුවෙන් බවත් යුද හමුදාපතිවරයා ස`දහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රභාකරන්ගෙන් රට මුදවා ගැනීමට ඉහළ මට්ටමෙන් දායක වූ ඔබතුමා අපේ හදවතේ ඉහළම තැනක ලැගුම් ගෙන සිටිනා යුද විරුවෙක්... ඒත්, දේශපාලන ඇත්තන්ගේ බස් ඇසීමට ගොස් ඔබතුමා ඒ විරුවාව අපේ සිත් සතන් වලින් දියකර හැරීමට ගන්නා වෙහෙස දැක අප සිත්වලට ඇතිවන්නේ අප්‍රමාණ දුකක්... කලියුගකාලේ වෙන දේ තමයි මේ...
මේ වහපු එක කිසි වැඩකට නෑ... අපි අැර හැමෝම පාරේ
වහපු විදිහට අද කොළඹ ... රටම වහන්න වෙලා...
එහෙනම් ශුවර් එකටම වහනවා. මොකද මෙයාලා කියන එකේ අනික් එක තමයි හැමදාම වුණේ.. අර බිලියන ගාණක වහන්නත් ගේන්නේ නෑ කිව්වා නේද? තව මාස කීපයකින් ඕවා ලංකාවට එනවා. බලන්න බොරුද කියලා..?
මහජනයා නීතියට ගරු නොකිරීමට හේතුව / හේතු හොයලා එ්කට පිළියමක් කරන්න. මාර්ග නීති උල්ලංඝනයට දඩ ගහනවා වගේ ඇඟට දැනෙන දඩයක් දුන්නා නම් මේක පාලනය කරන්න තිබුණා.
අපිත් බලන් ඉන්නේ කොරෝනද රටද දිනන්නේ කියලා
බොරුපති..අනේ මහත්තයෝ..ඔයා කියපු මොන වැඩේද ඒ විදියට වුණේ? ආණ්ඩුවේ ලොන්ඩරියේ අපුල්ලන එක ඇරෙන්න. හමුදා නිල ඇඳුමේ ගෞරවය බල්ලාට දාලා කටමැත දොඩවන එක වීරකමක් නෙමෙයි. පුලුවන් නම් එක රටක් එක නීතියක් කියලා ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්වන්න....
ඊට බොහෝකල් තිබේ..!!!
කියනකොට මෙහෙමයි.., කරනකොට එහෙමයි...