(යොහාන් භාසුර)
‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් ශ්‍රී ලංකාවට සිදුවූ හානිය සම්බන්ධයෙන් අන්තර් වන්දියක් ඉල්ලීමට බලාපොරොත්තු වන්නේ යැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥා දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවාය.
නෞකා අනතුරෙන් සිදුවූ හානිය ගණනය කිරීමට විශාල කාලයක් ගතවන බවත් ඒ හේතුවෙන් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව හිමි සමාගමෙන් අන්තර් වන්දි මුදලක් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවත් ලහඳපුර මහත්මිය පැවසුවාය.
‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ සිද්ධිය පිළිබඳව ඇය වැඩි දුරටත් මෙසේ ද පැවසුවාය. “මෙයට හේතුව කිසිවකුගේ හෝ නොසැලකිලිමත් වීමක් දැයි සොයන්න සමස්ත කරුණු විශ්ලේෂණය කළ යුතුයි. වරාය පොලිසියේ පැමිණිල්ලක් දාලා තියෙනවා. සම්පූර්ණ වාර්තාවෙන් පසුව නීිතිමය ක්‍රියාමාර්ග ගන්නවා”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලුවාට වැඩක් නෑ, ගන්නයි ඕනෑ...
අපේ කට්ටිය පිස්සු නටලාලු... දැන් බොරුවට කල් ගතවෙන කතාවක් කියනවා වැඩේ යට ගහන්න.
දෙයි මෙන්න කියලා... කොහොම හරි ගත්ත රටට වැඩක් නෑ.. ඒවා යන්නේ එක එකාගේ ගිණුම්වලට...
නැව් සමාගම අනිවාර්යයෙන්ම රත්තරන්ට කීයක් හරි දීලා වැඩේ ශේප් කරගනීවි...
මරුනේ විනාශවුන ප්‍රෙද්ශයට කොච්චර වන්දි ගෙවන්න ඔනිද දන්නේ නැ
ලංකාවට දැන් සල්ලි නැති නිසා මෙහෙම කරනවද . දැන දැනම නැව ඇතුලට අරන් වන්දියක් ඉල්ලනවා වෙන්න බැරිද
බංගලි ණයවලින් එන්නත් ගෙනැල්ලා නැවේ වන්දියෙන් අර වාහන ටික ගෙනත් දෙන්න. අර මන්ත්රීලාට...
කයිය විතරක් මදි. පන්දම් එළියෙන් තනතුරු ගත්තාට අන්තර්ජාතික සහ නාවික නීති වෙනස් නේද? අපේ උසාවියට ගිහින් වරද පිළිගන්න කියලා දෙපැත්තෙන්ම ගාන කපා ගත්තා වගේ ලේසි නෑ වගේ...
ඒක හරි. ඒත් වන්දි වලින් පිරිමහන්න බැරි පාඩුවක් ජිවින්ටත් පරිසරයට ත් වෙලා තියෙන්නේ.
ගරු මහත්මියනි, ඔබතුමිය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති තුමියයි.ඒවගේම ඔබ තුමිය නීතිඥවරියක්.ඔබතුමියගේ රැකියාව " සමුද්‍රය " ආරක්ෂාකර ගැනීමයි. නැවේ කතාව පැත්තකින් තියමු. ඔබතුමියට පැවරුන රාජකාරිය නිසි අයුරින් කිරීමට නොහැකිවෙලා අපේ රටේ මුහුද මහත්ම වියසනයකට මුහුණපාලා තියෙනවා.මුහුද අරක්ශාකරගන්න බැරිවුන ඔබට තවදුරටත් ඔය පුටුවේ ඉඳගැනීම සුදුසුද?
පසුගිය නැවෙන් ලබුණු මුදල්වලට මොකද වුනේ කියලා කවුරු හරි දන්නවද? මට කියනවද?
ඒ කියන්නේ අපේ පරිසරය ඩොලර් බවට හැරෙව්වා කියන එක නේද? ඒක හිතාමතා කළ දෙයක් නේද?
අද අපේ රට පාලු අම්බලමක තත්වයට වැටිලා පිටරට කුණු ගෙනත් දාන තැනක් වෙලා තිබුණා මීට කළින්... ඔක්කොම කුණු කන්දල් මෙහෙට තමයි.. ඒ තත්වයට නිවට තත්වයට වැටිලා බලේ ගන්නයි.., බලේ රැකගන්නයි දඟලනවා හැර රට ගැන සිතන කණ්ඩායමක් නම් තවම පේන්න නැහැ..