
(ඉන්දිකා රාමනාය
බේකරි නිශ්පාදන නිවෙස් වෙත රැගෙන යන කොළඹ දිස්ත්‍රික්කයේ ජංගම වෙළදුන්ගේ මෙන්ම පාරිභෝගික ජනතාවගේත් සෞඛ්‍ය ආරක්ෂාව තහවරු කිරීමට විශේෂ ඇදුම් කට්ටලයක් අද හඳුන්වා දුන්නේය.
කොරෝනා වසංගත රෝග තත්ත්වය පැතිරීම වැලැක්වීම සඳහා අඛණ්ඩව සංචරණ සීමා දීර්ඝ කිරීමෙන් පසු ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය දේවල් ජංගම රථ මගින් නිවෙස්වෙත ලබාදීමට රජය කටයුතු කිරීමත් සමග සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම ආරක්ෂිත ඇඳුම් කට්ටල බෙදා දිම බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මිරිහාන පොලිස් වසමේ බේකරි නිශ්පාදන ජංගම වෙළදුන් 33 දෙනකු සදහා ශරීර ආවරණ , මුව ආවරණ , හිස් ආවරණ සහ අත් ආවරණ මෙන්ම ආහාර ඇල්ලිය හැකි විශේෂිත අඬු ද මෙහිදි බෙදා දුන්නේය.
මෙම විශේෂිත ඇදුම් කට්ටල කොළඹ දිස්ත්‍රික්කයේ සියළු පොලිස් වසම්වල ජංගම බේකරි නිශ්පාදන අලෙවිකරුවන් වෙත බෙදා දීමට ඉදිරියේදී කටයුතු කරන බව ද පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම වැදගත් පියවරක්.. පොලිසියේ මහත්වරුන්ටත් කැපවෙලා මේ වැඩේ කරනවා. රජයට බොහෝම ස්තුතියි.. මේ වගේ වැඩ කරනවට... අන්න එහෙම වැඩසටහන් කරන්න. අපි කැමැතියි. මම 69 ලක්ෂයේ කෙනෙක් නොවේ..
වෙළෙන්දෝ ආරක්ෂා වුණාට මදි. ඔවුන් ගෙන එන ආහාර ද්‍රව්‍යවල ආරක්ෂිත භාවයත් තහවුරු කරන්න ඕනේ.... ඒ ආහාර වැඩි හරියක් අතින් අල්ලලා හදන ආහාර. පලවෙනි රැල්ලේදී ආසාදිත වූ එවැනි වෙළෙන්දෙක් හමුවූ බව අමතක නැහැ.
බොහෝම වටින වැඩක්...