
(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන දින තුනක කාලයක් තොග වෙළෙඳ ව්‍යාපාරිකයන්ට භාණ්ඩ මිලදී ගැනීම සඳහා විවෘත කරන බවට කරන ලද දැනුම් දීම අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද උදෑසන දිවයිනේ විවිධ ප්‍රදේශවලින් එළවළු මිලදී ගැනීම සඳහා ව්‍යාපාරික පිරිස් මෙන්ම එළවළු සහ පලතුරු ගොවින්ද තම නිෂ්පාදන රැගෙන පැමිණ තිබුණද දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වසා දමා තිබුණු බව ඔවුහු පවසති.
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරික ප්‍රජාවට කම්කරුවන්ට සහ සේවකයන්ට එන්නත ලබාදීමේ වැඩ වැඩපිළිවෙළ 29 දින ද ක්‍රියාත්මක වීම නිසා ආර්ථික මධ්‍යස්ථානය මෙදින විවෘත කිරීමට නොහැකි බව වෙළෙඳ සංගමයේ සභාපති යූ ,බී, ඒකනායක මහතා අප කළ විමසීමකදී පැවසීය .
ආර්ථික මධ්‍යස්ථානය 30 සහ 31 යන දින දෙක තුළ විවෘත කිරීමට තීරණය කර තිබෙන බව ද ඒ මහතා සඳහන් කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොවියෝ එළවළු කඩන්න කලින් ඕක කියන්න තිබුණානේ... හැම කෙනාම හිතන්නේ තමන් ගැන විතරයි..
කාට කියන්නද මේ දුක..? හදපු එළවලු කාට විකුණන්නද? බොරුවට කොරෝනා කියලා රට වහනවා. ලොකු අයට නම් සැප...