(සුජිත් හේවාජුලිගේ )
බොහෝ පෞද්ගලික රෝහල් කොරෝනා ආසාදිතයන්ගේ අසාධාරණ ලෙස මුදල් අය කරන හෙයින් එය වහාම වැළැක්වීමට පියවර ගන්නැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් මහතා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කරයි .
කොරෝනා ආසාදිතයන්ට ලොකු ප්‍රතිකාර කිරීමක් සිදු නොකෙරුණද රෝහල්වලින් පිටව යද්දි ඔවුන් ලොකු බිල් ඉදිරිපත් කරන බව රහුමාන් මහතා චෝදනා කරයි .
රෝහල් වලින් පිටව යා හැකි බවට වෛද්‍යවරුන් නිර්දේශ කළත් සමහර පෞද්ගලික රෝහල් විවිධ ගිවිසුම් ගැන කියමින් රෝගීන් දින ගණන් ඒවායේ රඳවා ගෙන ලොකු බිල් ඉදිරිපත් කරන බවත් මෙවැනි අසාධාරණ අයකිරීම් වැළැක්වීමට රජය වහා මැදිහත්විය යුතු බවත් ඔහු අවධාරණය කරයි.
කොරෝනා ආසාදනයවූ අවස්ථාවේදී තමාද මෙවැනි අසාධාරණ අයකිරිම්වලට ගොදුරු වූ මන්ත්‍රීවරයෙකු යැයි ප්‍රකාශ කළ මුජුබර් රහුමාන් මහතා තමා මේ ප්රශ්නය පාර්ලිමේන්තුවේදීද කතා කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි සඳහන් කළේය.
දරුණු වසංගතයක් පවතින අවස්ථාවක කල දුටු කල වළ ඉහ ගැනීමට උත්සාහ දරන පෞද්ගලික රෝහල්වලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නැයි ඔහු රජයෙන් වැඩිදුරටත් කිරීමක් කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලික රෝහල් ප්‍රර්ථනා කරන්නේ ලෙඩාට ඉක්මනින් සුව නොවේවා කියායි.
ඇයි තමුන්නැහැලා නේද කිව්වේ කොරෝනා ප්‍රතිකාර සඳහා පෞද්ගලික අංශය සම්බන්ධ කරගන්න කියලා? ඕකට තමයි කියන්නේ ප්රශ්නය තමන්ගේ නොවනතාක් උත්තරය දාර්ශනිකයයි කියලා...
ආණ්ඩුවේ තැන් තියෙන්නේ මොකටද එතැනට ගියේ. හොඳින්ම සැප ගන්න නේ. එතකොට වැඩිපුරම ගෙවන්නට වෙනව. ඔය උත්තමයොම නේ පුද්ගලික අංශෙට පන දෙන්නෙ. ඒවා දන්සැල් නොවෙන බව කලින්ම කවුදෝ කිවුවා.
නිරෝධායනයෙනුත් ගසාකනවා
දුප්පතාගෙ හිතවතා කියන කෙනාගෙ ගෝලයෝ නේද.ඒ උනාට යන්නෙ දුප්පතා යන රජයේ රෝහල්වලටනම් නෙමෙයි.
කොරෝනා හැදුණාට පස්සේ විකාර කියවනවා. ඕක තමයි අවුරුද් 70ක් තිස්සේ කළේ.. ආණ්ඩුව පටන් අරන් පුද්ගලික අංශයට දීලා කොමිස් ගන්නවා. බලන්නකෝ අපේ නිදහස් අධ්‍යාපනයේ වැඩිපුරම තියෙන්නේ පුද්ගලික පාසල්... නමට නිදහස..
හැකියාව තියෙන අය පුද්ගලික තැන්වලට යන එක තමයි හොඳම දේ. එතකොට රජයේ රෝහල්වල ඉඩ ඉතුරුවෙනවා.
මිනිස්සු යන්නේ සල්ලි තියෙනවට නෙවෙයි... ඒත් බයට යන්නේ ... අඩුගානේ හරියට නිදාගන්න. රජයේ වාට්ටුවේ දෙගුණයක් සෙනග ඉන්නකොට... ලෙඩකට අවශ්‍ය මූලිකම දේ.. නිදාගන්නවත් පුළුවන්ද? ගාස්තු ගන්න ඕනේ.. සාධාරණ වෙන්න ඕනේ..
රජයේ ඉස්පිරිතාල වලට නොගිහින්... දැන් නඩු කියනවා...
ජාතිවේදී කෝනෙන් බලන්න එපා.. කියන දේ හරියට තේරුම් ගන්න. කොහේද ඉතින් ලංකාව දියුණු වෙන්නේ.. ?
කොට්ටාව ප්‍රදේශයේ සිටින මගේ සහෝදරියකට හා පවුලේ අයට පවුලේ සියලු දෙනාටම කොරෝනා හැදුණා... මුලින්ම සහෝදරියගේ සැමියාට කොරෝනා හැදුනේ සෞඛ්‍ය පරීක්ෂකතුමා දැනුවත් කළත් දින 04ක් යන තෙක් වෛද්‍යවරයෙකුට පෙන්නා ගැනීමට නොහැකිව දින හතරක් නිවසේ තබාගෙන සිට ගල්කිස්සේ පිහිටි පුද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කරන ලදී. සැමියා නිවසට පැමිණෙන විට පවුලේ අනෙක් තිදෙනාටද කොරෝනා සෑදී ඇති අතර ඔවුන් ඉහත සඳහන් පුද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කරන ලද අතර දින 10ක්ම පුද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ගන්නා ලදි. බාල පුතාට ඩෙංගු රෝගයද වැළඳී ඇත. ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබද්දී ඩෙංගු රෝගය ඔහුට සැදුනේ කෙසේද යන්න තාමත් ප්‍රශ්නාර්ථයකි. සහෝදර පාඨකයින්ගෙන් ඉල්ලා සිටින්නේ පුද්ගලික රෝහල්වලට ඇතුළත් වන්නේ සැප ගැනීමට නොවන බවත් ජීවිතයත්, මරණයත් අතර රෝගයකින් බේරීමට කරන උත්සාහයක් ලෙස දකින ලෙසත්ය. තාමත් රජයේ රෝහල්වලට යොමු කිරීමට නොහැකිව දින ගණන් නිවාසවල රෝගීන් විශාල ප්‍රමාණයක් සිටින බව අමතක නොකරන ලෙසත්ය...
ඔබතුම ඉස්පිරිතලේදී බලන්න අදින PPE කට්ටලය 8000 ට එහා ගණන් බලන්නකෝ වේල් තුනට කන්න ගෙන්න තුනයි නස්ල කි පාරක් දවසට ආවද දොස්තරලා කී පාරක් ආවද බලන්න කියල ඒ ගාන 8000 වැඩිකරලා බලන්න එතකොට ඔය පුංචි මොලේට තේරෙයි ඇයි ඔච්චර ගණන් කියල