(අජන්ත කුමාර අගලකඩ)
කොවිඩ් රෝගීන් වාර්තා වීමේ දැනට පවතින ප්‍රවණතාව, ඉදිරි සති කිහිපය තුළ ද මේ ආකාරයෙන් පැවතුණහොත් රට තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතු වනු ඇතැයි සෞඛ්‍ය අංශ රජයට පෙන්වා දී ඇත .
ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදිතයන් දෙදහසකට අධික පිරිසක් මේ වන විට වාර්තා වන අතර එය ඉදිරි සති කිහිපය තුළ තවදුරටත් වර්ධනය වුවහොත් රෝගීන් විසිපන්දහසකට ,තිස් දහසකට පමණ පිරිසකට ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය අංශ වලට සිදුවනු ඇතැයි ද සෞඛ්‍ය අංශ අනතුරු රඳවා ඇතැයි වාර්තා වේ .
කොවිඩ් තෙවැනි රැල්ල රට තුළ වේගයෙන් පැතිර යන සහ ඉක්මනින් බෝ වන ප්‍රභේදයක් බව ත්,රෝගීන් බොහෝ දෙනකු අසාධ්‍ය තත්ත්වයට පත්වී ඔක්සිජන් ආධාරක සැපයුම් මත රදා පවතින තත්ත්වයක් උද්ගත වී ඇති බවත් සෞඛ්‍ය අංශ රජයට පෙන්වා දී ඇත.
රෝගීන් සංඛ්‍යාව ඉදිරියේදී තවදුරටත් වැඩි වුවහොත් වාර්තාවන රෝගීන්ගෙන් දෙදාස් පන්සීය යේ සිට 3000 දක්වා පිරිසක් මධ්‍යම ප්‍රමාණයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ඇති බවත් ,රෝගීන් නව සියයත් දහසත් අතර පිරිසක් අසාධ්‍ය තත්ත්වයට පත් වනු ඇතැයි අනුමාන කළ හැකි බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත.
මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින්අසාධ්‍ය රෝගීන් ට ප්‍රතිකාර කළ හැකි අධි සත්කාර ඒකක පළාත් මට්ටමින් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළක ඇත
එම එක් අධි සත්කාර ඒකකයක රෝගීන් සිය දෙනකුට ප්‍රතිකාර කිරීමට පහසුකම් සකස් කරනු ඇත.
දිස්ත්‍රික් 25 තෝරා ගත් රෝහල් විසිපහක මෙම අධි සත්කාර ඒකක ඉදිරි සති දෙක තුළ ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පාලකයොයි, නිලධාරිනුයි කරන්නේ හරියට "මුහුදට බැස්සට පස්සේ අමුඩ ගහනවා වගේ වැඩ"..!
ඕක කවදාවත් ඉවර වෙන්නේ නැහැ. ඉවර කරන්න දන්නෙත් නැහැ. ඒ හින්දා අපි වගේ ණයකාර රටවල් ලොක්ඩවුන් නොකර මාධ්‍ය සංදර්ශන වහලා රට ඇරලා මිනිස්සුන්ට ඉස්සර වගේ ජීවත් වෙන්න දෙන්න.
උදයංග වීරතුංග ඕකට සම්පූර්නයෙන්ම වගකිව යුතුයි.
මුට්ටියක් ගඟේ දමලා, පැණි ටිකක් බිව්වාම වැඩේ ගොඩ...
එක ඉවර කරන්න ඔනි ලොක්ඩවුන් කරලා තමයි
ඇයි දැන් මුන් මැරෙන්න හැදුව රට වහන්න ඕනේ එකම විසදුම කියල දැන් මොකක්ද ගහන බයිලාව
දැනට පවතින සංචරණ සීමා ක්‍රමය වෙනවට විවිධ වයස් සීමා කොටස් සදහා සීමා ක්රමය හදුන්වා දීම තුළින් ආර්ථික ක්‍රියාවලිය පවත්වාගෙන යාහැකි ය.
මුලින්ම මිත්‍යා කතා වලින් සහ ආගමික කටයුතු වලින් වසංගතය නැති කරන්න බෑ කියලා පිළිගන්න ඕනෑ. දේශපාලන සංදර්ශන නවතා වසංගත රෝග විද්‍යා අංශය සහ මර්දන කමිටු පිහිටුවා අවශ්‍ය පියවර ගන්න. බොරු නොකියා එන්නත් කරණය හරියට කරන්න. අපි සාමාන්‍ය ජනතාව, අපිට පුළුවන් බලා ඉන්න විතරයි.
සත්‍ය අප දන්නෙනැහැ , මරන ගනන කෙලවරක් නැහැ අන්ඩුව කියන ගනන්වලට වඩා ඇත්ත වෙනස්. විනයක් නැහැ නීතිය බලපාන විදිය එක එක එකාට වෙනස්. . මේ රට හැදෙන්නෙ නැහැ.
මාසයකින් කරනන තියන දේ සතියකින් කිවිවම හරි
වසංගත රෝග විද්‍යාඥයින්ගේ ඉල්ලීම පිළිනොගෙන රටේ ජනතාවගේ ජිවිත අනතුරේ දමපු මේ පිස්සු මෝඩ පාලකයින් මොනවා කලත් මෙහි අඩුවක් වෙන්නේ නැහැ.සති 3 කට අනිවාර්යයෙන්ම රට වහන්න වෙනවාමයි. රටේ ජනතාව හිතා මතාම මරණය කරා යොමුකලා කියා මේ මිනීමරු මෝඩ පාලකයින්ට විරුද්ධව ලෝක අධිකරණයක නඩු පැවරීමට හැක.
නියපොත්තෙන් කඩන්න තිබූ දෙය පොරවෙන් කපන්න වුණේ කාගේ වරදින්ද? මරණවලට වග කියන්නේ කවුද? ඔවුන්ගේ පවුල්වලට රැකවරණය දෙන්නේ කවුද? මේ මියගිය බහුතරය පවුල් පෝෂණය කළ අයවළුන් මෙහෙම පව්කාරයන් සමග ජීවත්වීමට ලැබීමත් පෙර අකුසලයක්...
දැන්වත් ඇස් ඇරලා බලනන මේ දේශපාලනය අපිට අපේ රටට කොච්චර විනාශයක්ද?
අපේ අම්මල කියපු කතා දෙකක් මට මතක් වෙනවා එකක් තමයි "මුත්තා කියන්නේ බන නෙවෙයිලු - වෙස්සන්තර ජාතකෙලු " අනික තමයි කිව්වා නාහන ගුරා ඉහල ගියත් එකයි පහල ගියත් එකයි " කියල හැබැයි මෙතෙන්දි නම් ගිලෙන්නේ ගුරා විතරක් නෙමි මේ වින්නැහිය වෙන බව සෞක්‍ය අංශ කිව්වේ හුගක් කලින් නමුත් උද්දචච කම හින්ද , මහන්තත්ව කම හින්ද " මම පොර" කියන මානසිකත්වය හින්ද කන්දුන්නේ නැහැ . දැන් ඉතින් අතීසාරයට අමුඩ ගහල වැඩක් නැ