(සුජිත් හේවාජුලිගේ )
රටපුරා අලි වැට ඉදිකිරීම සඳහා ත්‍රිවිධ හමුදාව යොදවා ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි .
අලි වැට ඉදිකිරීම ඉදිකිරීම සඳහා ත්‍රිවිධ හමුදාව යොදවා ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයක් අනුවය .
අම්පාර ප්‍රදේශයේ අලි වැට ඉදිකිරීම නාවික හමුදා විසින්ද අනුරාධපුරය අලි වැට ඉදිකිරීම ශ්‍රී ලංකා යුද හමුදා විසින් ද මේ දිනවල සාර්ථකව කරගෙන යනු ලබන බව පැවැසූ රාජ්‍ය ඇමැතිවරයා රටපුරා කිලෝමීටර් 1450ක් දක්වා දුරට අලි වැට ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි ද ප්‍රකාශ කරයි.
අලි වැට ඉදිකිරීම සඳහා බිම සකස් කර දීම වනජීවී දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන බවද විමලවීර දිසානායක මහතා කියයි.
මේ අතර අලි අගල් කැපීම මහාමාර්ග දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුවට පැවරීමට පැවැත්වුණුද සාකච්ඡාවද මේවනවිට සාර්ථක වී ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ගෙදර ඉස්සරහ පාර අයිනේ තියෙන කුණු කානු සුද්ද කරන්න දැනුවත් කරන්න ඕනේ හමුදාවද? එහෙම නැතිනම් නගර සභාවද?
කවුරු කවුරුත් පම්පෝරි ගැහුවට අපේ හමුදාවල ළමයි ටික නැත්නම් මේ රටේ කිසිම දෙයක් හරියට කෙරෙන්නේ නෑ.