(නිමල කොඩිතුවක්කු)
කොරෝනා ව්‍යසනය හේතුවෙන් බලවත් පීඩාවකට සහ අසාධාරණත්වයකට පත්ව ඇති ආබාධිත සහ විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව එන්නත් කරනයේ දී ප්‍රමුඛතාවය ලබාදිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විවිධ පාර්ශව කොරෝනා ඒන්නත පිළිබඳව සිය අවශ්‍යතාවය සහ ප්‍රමුඛතාවය ඉදිරිපත් කරන නමුත් ඒ් ප්‍රමුඛතා ලයිස්තුවල මෙරට ආබාධිත සහ විශේෂ අවශ්‍යතා සිහිත පිරිස් ඇතුලත්ව නැති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරයි.
2012 වර්ෂයේ දී කළ සංගණනය ප්‍රකාරව මෙරට ආබාධිත වූවන් මිලියන 1.7ක් සිටින බවත් ඔවුන්ගෙන් අතිමහත් බහුතරය මේවනවිට සිටින්නේ දැඩි සමාජ,ආර්ථික ගැටලු රැසකට මැදිව බවත් ඔහු පවසයි.
කොරෝනා මර්ධනය පිණිස සිදුකරන එන්නත්කරණය දැඩි සේ දේශපාලනීකරණය වී ඇති අතර ආණ්ඩුවේ පාක්ෂිකයකු වීම සහ නොවීම ජීවත් වීමට හෝ නොවීමට හේතුවක් බවට පත්කර ඇත.
මෙතරම් ලජ්ජා සහගත සහ බියගුළු ලෙස සෞඛ්‍යමය කාරණාවක් අබියස මිනිස් ජීවිත බෙදා වෙන් කිරීම ගෝත්‍රික සමාජයක හෝ දැකිය නොහැකි තත්ත්වයක් වුවද අද එය එතරම්ම පහළට වැටී ඇති බවත් විපක්ෂ නායක වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොගේකට බෝකරලා දැන් කියවන්නත් එනවාද?
මෙදාපාර විද්දේ ජනාධිපතිතුමා චීනයෙන් කළ ඉල්ලීම නිසා ලැබුණු එන්නත් කියනවනේ. ඔබතුමා චීන තානාපති ගෙන්නලා. කළ ඉල්ලීමට ලැබෙන එන්නත් තොගයෙන් ඔය සේරටම විදිමු.
පෙන්නලා දෙන්න නම් හරිම ලේසියි. බලේ හිටියා නම් බලන්න තිබුණා කරන හැටි. මම 69 ලක්ෂයේ කෙනෙක් නම් නෙමෙයි... මම කිව්වේ මම අවුරුද් 40ක් තිස්සේ දැකපු දේ..
වෛද්‍ය ක්ෂේත්රයේ ඉන්නා අය තමන්ගේ පරම්පරාවටම එන්නත් හොරකම් කරනවා. ළමා රෝහලකත් එසේ සිදුව ඇති බවට ආරංචියි. මේ අසරණ මිනිස්සුන්ට කිසිම එන්නතක් නැහැ.
මෙය ඉතින් බලන්නේම මොනවා හරි කියලා නැති ලකුණු දාගන්නමනේ...
මෙයාලා ලෙඩේට බේහෙත් හොයාගෙන තියෙන්නේ හැමෝටම දෙමු
කොරෝනා තදටම බලපාලා තියෙනවා.. තව කල් යද්දී මොන මොනවා පෙන්නයිද දන්නේ නැහැ.
සජිත්ට මොළයක් නැතිව කටක් පමණක් ඇති බව මේකෙන්ම පේනවා. ආබාධිත සහ විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවගේ සංචරණය අඩු නිසා කොරෝනා හැදෙන්න අවස්ථාව අඩුයි. අනෙත එම ලක්ෂ 17ට එන්නත් ලක්ෂ 34ක් අවශ්‍යයි. ඊට වඩා ප්‍රමුඛතාවය දිය යුත්තේ ජනතාවට සේවය සලසන්න ජනතාව සමග ගැටෙන අයටයි. සජිත්ට උපදෙස් දෙන්න ඉන්නෙත් මෝඩයෝම ද?
ඔබතුම එදා එන්නත් ගැන ලෝකෙ තිබුන රිනාත්මක මතය මත මැරෙයි හෝ වෙන ආබාධයන්ට ලක්වෙයි කියා බෙහෙත විද්දෙ නෑ.
ලංකාවේ මිනිස්සු නම් හොඳ දේටත් කර අරින එකයි කරන්නේ.. වහල්ලුන්ට කොච්චර කියලත් වැඩක් නැහැ.