(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ශාරීරික ව්‍යායාම් සඳහා කොළඹ ආනන්ද හන්දිය පොලිස් මාර්ග බාධකය අසලින් ගමන් කිරීමට පැමිණි කොළඹ ප්‍රදේශය බාර පොලිස් ප්‍රධානියකුගේ බිරිඳකට බාධා කළ බව කියන පොලිස් කොස්තාපල්වරයා විනාඩි කීපයකදී වෙනත් මාර්ග බාධකයක් වෙත මාරු කර යවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
බොරැල්ල - මරදාන මාර්ගයේ ආනන්ද හන්දිය අසල මාර්ග බාධකයේ රාජකාරි කරමින් සිටි මරදාන පොලිසියට අනුක්ත කොස්තාපල්වරයෙකුට මෙම සිද්ධිය වී ඇති බව එම ආරංචි මාර්ග කියයි.
පොලිස් ප්‍රධානියා ගේ බිරිඳ නිල නිවසේ සිට අතුරු මාර්ගය ඔස්සේ ශාරීරික ව්‍යායාම් සඳහා පා ගමනින් පැමිණ බොරැල්ල මරදාන ප්‍රධාන මාර්ගය වෙත යාමට සූදානම් වීමේදී මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි කොස්තාපල්වරයා ඇය නවතා සංචරණ නීති පනවා ඇති බැවින් එලෙස යාමට අවසර දිය නොහැකි බවට පවසා ඇත.
පොලිස් කොස්තාපල්වරයා දෙසට හැරුණු එම කාන්තාව උසස් පොලිස් ප්‍රධානියකුගේ නම පවසමින් තමා ඔහුගේ ඇයගේ බිරිඳ බවට පවසා කොස්තාපල්යාවරයාට බැනවදිමින් එම ස්ථානයෙන් පිටවීමට සූදානම් වීමේදී පෙර අයුරින්ම කොස්තාපල්වරයා මැඩම් නීතිය කාටත් එකයි, යනුවෙන් පවසා කරුණාකර ආපසු යන ලෙස දැනුම් දී තිබු බව පොලිසිය කියයි
එම අවස්ථාවේදී පොලිස් ප්‍රධානියාගේ බිරිඳ ජංගම දුරකථනය හරහා පොලිස් ප්‍රධානියාට ඇමතුමක් ලබාගෙන මේ බව පවසා කොස්තාපල්වරයා ට ඇසෙන සේ එහි හඬ වැඩිකර කොස්තාපල්වරයා දෙසට දිගු කර ඇසෙන්නට සලස්වා ඇති අතර පොලිස් ප්‍රධානියා කොස්තාපල්වරයා අමතා මම අහවලා කතා කරන්නේ. ඔය ඉන්නේ මගේ වයිෆ් ඕයි,එයාට ජොගින් යන්න දෙනවා යැයි උස් හඩින් පවසා තිබූ බව එම ආරංචි මාර්ග මාර්ග වලින් පැවසේ
ඊට පිළිතුරු ලබාදි ඇති කොස්තාපල්වරයා සර්, සංචරණ නීති පනවලා නේ තියෙන්නේ එතකොට ජොගින් යන අනිත් කට්ටියට මොකද කරන්නේ එයාලටත් යන්න දෙන්න ද ? ,අයිසේ ජොගින් ඇඳුම පිලිවෙලට ඇඳලා තියෙනවා නං යන්න දෙනවා පවසා පොලිස් ප්‍රධානියා දුරකථනය විසන්ධි කර ඇත.
ඒ සමගම පොලිස් ප්‍රධානියාගේ බිරිඳ සුපුරුදු ලෙස ප්‍රධාන මාර්ගයට අවතීර්ණ ව ශාරීරික ව්‍යායාම් කරමින් ගමන් කර ඇති අතර මද වේලාවක දී කොස්තාපල්වරයාට දුරකථන ඇමතුමක් ලැබී ඇත්තේ වහාම ක්‍රියාත්මක වන පරිදි පුංචි බොරැල්ල පොලිස් මාර්ග බාධකය රාජකාරි සඳහා වාර්තා කරන ලෙසයි.
මෙම සිදුවීම තරයේ හෙළා දුටු පොලිස් පොඩ්ඩන් නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක කරන්නැයි කියන හඬින්ම නීතිය අවනිතිය කිරීමට උපදෙස් ලබාදෙන මෙම පොලිස් ප්‍රධානියා සම්බන්ධව උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගැනීමත් සමගම පැය තුනක් පමණ කාලයකදී එම කොස්තාපල්වරයා රාජකාරි සඳහා නැවත බොරැල්ල - මරදාන මාර්ගයේ , ආනන්ද හන්දිය පොලිස් මාර්ග බාධකය වෙත රාජකාරි කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබා දී තිබූ බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම පොලිස් නිළධාරියා කරල තියෙන්නේ වත්මන් ක්‍රීඩා ඇමතිගේ සැලසුම් වලටත් නිගාවක්නේ
අති විශිෂ්ඨයි සර්
මාධ්‍ය ප්‍රකාශක තුමා මේකට මොනවා කියයිද හිතන්නේ ?
ජනාධිපතිතතුමණි, මොරටුවේ එකාට කලාක් මෙන් මොකා වුනත් මෙන්න මෙකවත් මෙල්ල කරන්න. එයාට ට්‍රාන්සර් එකක් දෙන්න කාත්තන්කුඩි අවු 5කට එන්න බැරිවෙන්න. මේ වගේ අය එක් නීතිය කරන්න බැහැ.
ගෞවරවනීය පොලිස් නිලධාරිතුමනි අපගේ උත්තමාචාරය
එන්න.. අපි කිරිබත් කමු. මතක ඇතුව රට රකින අපේ විරුවා.. ගීතයත් තාලයට ගායනා කරන්න...
මේකයි තත්ත්වය. සරත් වීරසේකර අමාත්‍යතුමනි.., මෙවන් උසස් නිලධාරින්ට හරි දේ කියා දෙන්න. නැත්නම් පොඩ්ඩන් රාජකාරිය නිසි ලෙසින් ඉටු කරන්නේ කෙසේද? කක්කුටු න්‍යාය සුදුසු නොවන බව පෙන්වා දෙන්න..
අත්අඩංගුවට ගැනීම සිදුවීම ගැන ඔබතුමාට ස්තුති වෙමි. ඔබතුමා අපට විශ්වාසයි. එක සිද්ධියක් නිසා මුලු ක්‍රියාවලියම පිළිබඳ ප්‍රශ්නයක් නැත. නමුත් මොවුන්ට නිසි දඬුවම්ද යුතුයි...
පොලිස් ලොක්කා පොලිස් පොඩ්ඩාට ඒහෙම කිව්වේ අහිතකින් නෙවෙයි. අර ගෑණි ගෙදර ඇවිල්ලා මගේ ඔළුව කාවිය හිතලා වගේ.මිනිහගෙ යුනිපෝම් එකේ ගෞරවය රකින්න දන්නෙ නැති ගැණු.
නිතිය අකුරටම ඉටුකල එම නිලධාරියා නැවත රාජකාරිය කල මාර්ග බාධයක වෙත යැවිම පමණක් ප්‍රමාණවත් වන්නේ නෑ.සිදුවිය යුත්තේ නීතිය උල්ලංඝනය කිරිමට අණ දුන් පොලිස් නිලධාරියාට විරුද්ධව නීතියෙන් කටයුතු කිරීමයි.
රටේ ලොක්කන්ට එක නීතියකුත්, අසරණ දුගියාට තවත් නීතියකූත් ක්‍රියාත්මක කිරීමට පුරුදු වී සිටින පොලීසියට මේ පොලිස් පොඩ්ඩා කියා දුන්නේ අගනා පාඩමකි. මෙවැනි නිලධාරීන් මේ රටේ පොලීසියට හා රටට ආඩම්බරයක්... ඒත්, මේක ලංකාව. කොයිවෙලේ හරි නැති වරදක් දාලා අමාරුවේ දායිද දන්නේ නැහැ. කොහොම වුණත්, පරිස්සමින් වැඩ කරන්න. උසස්වීම් ගන්නත් අමාරු වේවි. එහෙම තමයි මේ රටේ හැටි. කොහොම වුණත්, ඔබ වැනි අය තමයි අපේ රටේ පොලීසියට අවශ්‍ය. ඒත්, ඔබ වැනි අයටම තමයි වැඩිපුරම කරදර හිරිහැර එන්නේ....
‘‘මොරටුවේ සිද්ධිය කැතයි‘‘ ජනපති කියයි. මේක ලස්සනද?
රටේ නීතිය පාලකයින් ඉතාම ප්‍රසිද්ධියේම භාවිතා කරනවා ඉතින්... ඊට පහළින් ඉන්නවුන් අනික් අයවම අනුගමනය කරනවා.. සරත් වීරසේකර හොඳම උදාහරණය... දුෂණය, මර්දනය කළ එ්.එස්.පී අැතුළු නිලධාරින්ව වෙන්නප්පුවෙන් මාරුකරනවා. සර් අාපු ගමන් රට හදනකම් බලන් හිටපු බයියන්ට දැන් අනෙක් අයගේ මුහුණවත් කෙලින් බලන්න බැහැ..
මෙන්න නීතිය කාටත් එකයි කිව්ව ලොකු අප්පච්චි,මේ ලොකු පොලිස් කාරයට නීතිය කියලා දෙන හැටි අපි බලමු.
ලොකු පොඩි, සැම පුරවැසියෙක්ම කොන්ද කෙලින් තියන් ඉන්න කාලය උදාවෙලා තියෙන්නේ.... හැම පුරවැසියෙක්ම කෙලින් හිටියොත් දූෂිත දේශපාලකයින්ටත් යන කලක් නැතිව යනව නොදුරු දිනයකදීම...
ඔය කියන පොලිස් ලොක්කාවත් වෙන කොහාට හරි මාරු කළ යුතුය.
මෙහෙමයි, මේ බයි ආණ්ඩුව පොලිස් ලොක්කාට එදිරිව කවදාවත් නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. හරිනං ඌව තුත්තුකුඩියට මාරු කරන්න ඕනෑ. රනිල් රවීව අස් කළා...
මේ කාලකන්නි තමයි මේ රට කන්නේ..
සුපිරියි කොස්තාපල්...!!!
මොන ලොක්කා වුණත් ගෑණිට බයයි. මිනිහා ගෙදර ගිහින් ඉවරයි.. ඕක නොකරා නම්... හම්බවෙන ගෑණුත් එකයි.. මේ අයත් එකයි. හැබැයි මේ විදිහට පොලිස් පොඩ්ඩො වැඩ පෙන්නුවොත් ලොක්කන්ට වෙන්නේ සද්දෙන් ඉන්න. පොලිස් පොඩ්ඩා නියම පොලිස් කාරයෙක්..
මහ ජනතාවට අපහසුතාවයක් නොවෙන ආකාරයට රාජකාරිය කරන්න කියලා පොලිස්පතිතුමා කියලා දවසයි ගත වුනේ.... මෙතන තිබෙන ගැටලුව පොලිස් නිළධාරියාගේ සාමාන්‍ය දැනුම සහ අද වෙන කොට රටේ සමාජගත කර ඇති කොරොනා මර්දනය කිරීම සඳහා යොදාගෙන තිබෙන අවිද්‍යාත්මක නිතී-රීති. සහ ජනතාවගේ නූගත් බවයි! - අද සෑම රට වැසියෙකුම කොරෝනා විශේෂඥයෙකි. එහෙත් වසංගතය රට බිලි ගනිමින් ඇත. කෙනෙකු තනියම සිය පුද්ගලික මෝටර් රථයේ යන විට මුඛ ආවරණය පළඳින්න කියන පොලිස් නිලධාරින් සහ පී.එච්.අයි..ලා ඉන්න රටක, පොලිස් නෝනාට සිදු වූ දෙය පුදුම විය යුතු නැත. පොලිස් නිලධාරියා කළ යුතුව තිබුනේ "නෝනා මුඛ ආවරණ දා ගෙන ජෝගින් කරන්න එපා" කියන එකයි. අපේ රටේ පොදු සිද්ධාන්තය නම්, නීතිය ගැටලු විසඳීමට යොදා ගන්නවා වෙනුවට සිදුවන්නේ, එය දැඩිව අවභාවිතා වීමයි.
ලොක්කා කවුද කියලා හෙළි කරන්න. වහාම පෙන්ෂන් යවන්න... මේ අයගෙන් රටට වැඩක් නැහැ...
බැරිද නම දාන්න?
උදේ පාන්දර පුංචි මිනිස්සුන්ට කීර්තිය ක්‍රියාත්මක කර කයිවාරු ගහන්න ගිරවා මේකට මොනවා කියයිද කියලා බලමු...
රටේ පොදු නීතිය කඩන,එම නීතියට අභියෝග කරන මේ පොලිස් ලොක්කට එරෙහිට රාජකාරියට බාධා කිරීමේ චෝදනා යටතේ දඬුවම් කළ යුතුයි.
රාජකාරිය යනු තමනුත් බේරි දපෙැත්තම බේරා පවුලත් බේරා ගැනීමයි
සම්පූර්ණ විස්තර සහිතව ඉහළට දන්වන්න. මේ පිළිබඳව විමර්ශනය කළ යුතුයි.
දැන්වත් මේ විකාර නවත්තනන ඔනි කට්ටය එකතු වෙලා වැඩ කරනන ඔනි
පොඩ් මනුස්සයෙක් සංචරණ නීති කඩ කලොත් නම් ගමුත් දාල වීඩියෝ එකකුත් දානවා. මේ වගේ දෙකදී ලොක්කගේ නම කියන්නෙත් නෑ.
ඔය කේස් එකේදී කොස්තාපල් හරි. ඔය නෝනට යන්න දුන්නාම තව නෝන මහත්වරු ගොඩකට යන්න දෙන්න වෙනවා...
රජය හදාගත් නිතී-රීති රජයටම විහිලුවක් වි ඇත! - "සංචරණ සීමා පැන වීම" වෙනුවට කිව යුතුව තිබුනේ "ගෙයින් එලියට බහින්න එපා" කියාය. තැනිනම් සුපුරුදු ඇඳිරි නීතිය පැනවීමය! ව්‍යායම සඳහා ඇවිද යන කෙනෙකු හඳුනා ගැනීමටත්, වයිරසයට පුද්ගලයෙකු ගොදුරු විය හැකි අවස්ථාවක් සහ නීති කඩවන අවස්ථාවක් හඳුනා ගැනීමටත් නොහැකි නිළධාරින් සේවයේ යෙදවීම කණගාටුවට කරුණකි. නිතීය-ක්‍රියාත්මක කල යුතුයි, එහෙත්, එය අන්තගාමි නොවිය යුතුයි. කල යුතුව තිබුනේ ඔහුව මාරු කීරීම නොව නිසි පුහුණුවක් ලබා දීමයි. සියලුම රට වැසියන්ට ප්‍රඥාව පහල වේවා!
සේපාල අමරසිංහට හරි, සුදන්ත තිලකසිරිට හරි මේ විස්තරේ යවන්න.
ඔන්න අපේ සර්ට ලකුණක් දෙකක් දාගන්න පුළුවන්... මේ කතාවෙන උසස් පොලිස් නිලධාරියාට වහාම දඬුවම් දෙන්න... ඔබතුමා කියන්නේ එක රටක්... එක නීතියක් නම්...
අහඹු සිදුවීමක්...
හා හා ... අරුම පුදුම රට ... අරුම පුදුම නීති තියෙන ලෝකයේ එකම රට... දැන් පොලිස්පතිතුමාට ආයෙත් චක්‍රලේඛනයක් ගහන්න වෙනවා. ඔහුටත් ඉහළින් ඉන්න පොලිස්පතිලාගේ වැඩ හින්දා..
පොලිසියයි, හමුදාවයි බොහොමයක් ලොක්කන්ගේ බිරින්දෑවරුන්ට මේ ලෙඩේ තියෙනවා. මෙහෙම දඟලපු බිරිඳකගේ සැමියා ඩී.අයි.ජී. කෙනෙක්. අන්තිමට හිරේ ගිහින් නැවතුණේ.
එක රටක් එක නීතියක්... වැඩේ කැතයි නේද රට රකින අපේ විරුවාණෙනි....?
ඇත්තටම මම ඔබ ගැන ආඩම්බරයි. ප්‍රවේසමෙන්...
නම නොකියන්නේ විත්තිකාරයා අජිත් රෝහණ වත්ද?
මේ පොලිස් මහ එකාව වහාම පුතුකුඩිඉරිප්පු වලට මාරු කරන්න. වැල්ලෙ ජොගින් කරන්න පුළුවන්... කවුරු හරි එයාගේ නම කියන්නකෝ...!!!
නීතිය වල් වැදුණු, 'ලෝකෙන්ම උතුම් රටක' මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන එක අමු ගොන්කමක්..., වැඩ්ඩෙක් වූ පොඩ්ඩාට අපේ ප්‍රණාමය...!
එම පොලිස් කොස්තාපල් වරයට අපගේ සුබ පැතුම්. නමුත් ඔය කියන පොලිස් ලොක්කා ගැන අවධානයෙන් සිටින්න. නැත්නම් අර රාජකාරිය අකුරට කල උතුමාට බලපෑම් කරාවි
නීතිය කාටත් පොදු විය යුතුයි.
පොලිසියේ පොඩි මිනිහාට කතා කරන පහත්ම ගෝත්‍රික භාෂාව... මේවා ගෙවන්න නොවුණොත් බුදුදහම බොරු. මිනිස්සු කොහොම හරි සල්ලි හොයන්න පෙළඹෙන්නේ මේ අපහාස වලින් මිදෙන්න. ඒකෙන් වෙන්නේ ජීවිතයම විනාශ වීමනේ..
ඉවරයි... මේ කොස්තාපල්ගේ ජීවිතේ... පෙන්ෂන් යනකම් කොස්තාපල් තමයි.
ලොක්කා ගේ හයිය අරන් තියෙන්නේ බිරිඳ. ලැජ්ජයි. නින්දිතයි. මේ වගේ රටක් ලෝකෙම නැතුව ඇති...
රටේ බහුතරයක් දේශපාලකයන්ගේ සහ නිලධාරීන් නැති භංගස්ථාන කරන්නේ එක්කෝ අඹුව... නැතිනම් දරුවෝ. එක්කෝ ආණ්ඩුවේ වාහන අවභාවිතා කරලා ළමයා පාසලේ එක්ක යන්න වෙනවා. එක්කෝ ෂොපින් කරන්න එක්ක යන්න වෙනවා. අන්තිමේ මිනිස්සු කිව්වේ ආර්යාව භාර්යාව වුණා කියලා. සෑම නිලධාරියෙකුගේම සහ දේශපාලකයන්ගේ පවුල්වල අයට පාඨමාලාවක් තියලා හරි කියා දෙන්න තනතුර දීලා තියෙන්නේ පවුලේ අය සනසවන්න නෙවෙයි කියලා.