(ඉන්දිකා රාමනායක සහ නිමන්ති රණසිංහ)
කොටස් එකලස් කර සකස් කළ නීති විරෝධී මෝටර් රථයක් සිය නිවසේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරියක අත් අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ කියයි.
රේගු නීති උල්ලංඝණය කරමින් .කොටස් එකලස්කර සකස් කළ මෝටර් රථයක් කොළඹ 13 නිව්හැම් වීදියේ නිවසක ඇති බවට විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරු අනුව භටපිරිස් මෙම වැටලීම සිදුකර තිබිණි.
මෙම මෝටර් රථය සම්බන්ධයෙන් කිසිදු නීතියානුකූල ලියකිවිල්ලක් සැකකාරිය සතුව නොතිබුණු බවද විශේෂ කාර්ය බළකාය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් එම නිවසේ සිටි 56 හැවිරිදි මන්ත්‍රීවරිය අත්අඩංගුවට ගත් බව ද විශේෂ කාර්ය බළකාය.
මෝටර් රථය හා සැකකාරිය වැඩිදුර පරීක්ෂණ සඳහා වෙරළ බඩ පොලිසියට පොලීසියට බාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදොස්කොට නිදහස් කියයි.
ඇයි නම එලි නොකරන්නේ? දුප්පත් එහෙමත් නැත්නම් අහිංසක පුද්ගලයෙක් සතුව නිකන් බලපත්ර නැති පුෂ් සයිකල් එකක් හරි එහෙමත් නැත්නම් යතුරු පැදියක් තිබිල අත් අඩංගුවට ගත්තා නම්???
නිදොස්කර නිදහස් කරයි ද දන්නැ